02 July, 2016

මුදල් වංචා කළ සුපිරි නළු රිතික්ගේ බිරිඳ

වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පියකු හෝ ශිල්පිනියක වීම පහසු දෙයක් නොවෙයි.

ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන්ගේ බිරිය වූ සුසෑන් ඛාන් එවැනි වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පිනියක් ද? මේ ප්‍රශ්නය මතු වී ඇත්තේ පසුගිය දා ඉන්දීය පොලීසියට ලැබුණු පැමිණිල්ලක් සමගයි.
පැමිණිල්ල කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රකට දේපළ සමාගමක් වන එම්ගී ප්‍රොපටීස් ආයතනයයි. එම සමාගම සිය පැමිණිල්ලෙහි සඳහන් කර ඇත්තේ සුසේන් ඛාන් ගෘහ නිර්මාණ ශිල්පිනියක ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි 1.87 ක වංචාවක් තමන්ට සිදුකළ බවයි.

එම්ගී ප්‍රොපටීස් සමාගම වෙනුවෙන් එහි කළමනාකරණ කොටස්කරුවකු වන මුදිත් ගුප්තා විසින් කරන ලද මෙම පැමිණිල්ලට අනුව සුසෑන්, 2013 සැප්තැම්බර් මාසයේදී එක්තරා නිවාස සංකීර්ණයක් ඉදි කිරිමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන තිඛෙනවා.

ඊට අදාළ නීතිමය ලේඛන අත්සන් කිරීමේදී ඇය ‘එම් ගී ප්‍රොපටීස්’ සමාගම ‍හමුවෙහි පෙනී සිට ඇත්තේ ගෘහ නිර්මාණ සහ ගෘහ අලංකරණ ශිල්පිනියක් හැටියටයි. නිවාස සංකීර්ණය ඉදි කිරීමට එක`ග වී ඇත්තේ ඉන්දියාවේ උතුරු ගෝව ප්‍රදේශයේයි.

මුදිත් ගුප්තා පවසන්නේ නියමිත කාලය තුළ එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිම කිරීමට සුසෑන් අසමත් වූ බවයි. කෙසේ වෙතත් ඇය ඊට පෙර එම් ගී ප්‍රොපටීස් සමාගමෙන් රු. කෝටි 1.87 ක මුදලක් ලබා ගෙන ඇතැයි ද ඔහුගේ පැමිණිල්ලෙහි සඳහන් වෙනවා.

නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන අයුරින් එම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සිදුවෙද්දී සුසෑන්ගේ ගෘහ නිර්මාණ ශිල්පී වෘත්තිය ගැන සැකයක් මතුවෙලා.

ඒ නිසා මෙම දේපළ සමාගමේ නිලධාරින්, ගෘහ නිර්මාණ ශිල්පිනියක ලෙස ලියාපදිංචි වූ අංකය විමසා තිඛෙනවා. නමුත්, ඇය එවැනි අංකයක් ලබා දී නැහැ. පසුව, ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයෙන් සුසේන්ගේ වෘත්තීය තත්ත්වය පිරික්සා බැලීමේදී තහවුරු වී ඇත්තේ ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක් නොවන බවයි.

මේ හේතුවෙන් ඉන්දීය පොලීසිය සුසෑන් ඛාන් ව කැඳවා ඇගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිඛෙනවා. ඉදිරි කාලයේදී ඇයට අධිකරණය වෙත යාමට සිදුවනු ඇතැයි පැවසෙනවා.


Financial fraud by Hrithik Roshan's wife

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මුදල් වංචා කළ සුපිරි නළු රිතික්ගේ බිරිඳ"

    Post a Comment