14 July, 2016

කැමරන්ට එක්ක ලැරීට යන්න අවසර නැතිලු

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් සතුව සුරතළය සඳහා ඇති කරන සතුන් සිටින අතර සිය ධුර කාලයෙන් ඉවත්වීමේදී ඔවුන් සමග සිටි සතුන් රැගෙන යාම සිදුවෙයි.

මේ දිනවලද එවැනි රාජ්‍ය නායකයෙකු සතු වූ ප්‍රසිද්ධ සුරතලෙක් සම්බන්ධව ලෝ පුරා මාධ්‍ය බොහොමයක් විවිධ පුවත් වාර්තා කරනවා.

ඒ බි්‍රතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්. ඔහු සතුව සිටි අගමැති නිළ නිවසේ වෙසෙන ලැරී නම් සුරතල් බළලා සම්බන්ධව මෙසේ වාර්තාවෙනවා.

ලැරී සතුන් දඩයම් කිරීමේ සුවිශේෂී හැකියාවකින් යුත් බළලෙකි. මේ නිසාම අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල නිවසේ මීයන් ඇල්ලීමේ රාජකාරිය සඳහා ලැරී ට භාරවූ රාජකාරිය වී තිබේ.

බි්‍රතානය අගමැති ඩේවිඩ් කැමරන් ඊයේ 13 අගමැති නළ නිවසෙන් පිටත්ව ගියද,එතෙක් අගමැති නිළ නිවසේ මී දඩයම්කරුවා ලෙස කටයුතු කළ ලැරී සම්බන්ධව මෙසේ ගැටලුවක් පැන නැගී ඇත.

ලැරී අගමැති නිවසේ ප්‍රධාන මී දඩයම්කරුවා බවට පත්වූයේ 2010 වසරේ කැමරන් අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමෙන් අනතුරුය.

ස්ටාල්වෝර්ට් රැටර් හම්ප්‍රි නම් බළලා 1997 වසරේ විශ්‍රාම යාමෙන් පසු ප්‍රථම වරට එම ධුරයට පත්වූ බළලා ලෙසින් ද ලැරී සැලකේ.

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඇතුලු විශාල රාජ්‍ය නායකයන් පිරිසකගේ ආදරයට පාත්‍ර වූ ලැරී කැමරන් සිය නිළ කාලය තුලදී, පැවැත්වූ මාධ්‍ය හමුවීම් වලදි මාධ්‍යෙව්දීන්ගේ ඇසට හසුවීමෙන් ලොව පුරා කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නට ලැරී සමත් විය.

කෙසේ වෙතත් ලැරිගේ රැකියාව සුරක්ෂිත කිරීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිඛෙනවා. අගමැති නිල නිවසේ මී දඩයම්කරුවා ලෙස සේවය කළ ලැරී ඊයේ සිට අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ තෙරේසා මේ සමගද ඉදිරියටත් රැදෙනු ඇතැයි කැබිනට් මණ්ඩල කාර්යාලය පෙරේදා වාර්තා කර තිබේ. ලැරි සිවිල් සේවා බළලෙකි. ඒ නිසා ඌ කැමරන්ට අයිති නෑ. ලැරි දිගටම අගමැති නිල නිවසේ ඉඳිවී යැයි කැබිනට් කාර්යාලයෙන් පවසා තිබේ.














Larry Were Not Allowed To Go With Cameron

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කැමරන්ට එක්ක ලැරීට යන්න අවසර නැතිලු"

    Post a Comment