08 July, 2016

ගාල්ලේදී සිසුවියන්ට නිරුවත පෙන්වූ තරුණයාට වුනු දේ

ගාල්ල බස්‌ නැවතුම්පළේදී පාසල් සිසුවියන්ට නිරුවත පෙන්වූ බව කියන පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් පෙරේදා (06 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ පදිංචි විසිහය හැවිරිදි විවාහකයෙකි.

උසස්‌ පෙළ සිසුවියන් දෙදෙනකු උපකාරක පංතියකට ගොස්‌ පොතක්‌ ගැනීම සඳහා බස්‌ නැවතුම්පළේ උඩු මහලට ගොස්‌ නැවත පහළට බසිමින් සිටියදී පඩිපෙළේ රැඳී සිටි සැකකරු එක්‌ වරම නිරුවත පෙන්වා තිබේ.

එවිට සිසුවියන් දෙදෙනා කෑ ගසාගෙන යද්දී වහා ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර මහතාගේ උපදෙස්‌ පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරීක්‍ෂිකා මංගලිකා සූරියආරච්චි කාන්තා සැරයන් දයා (434) සැරයන් මෙන්ඩිස්‌ (28031) යන මහත්ම මහත්මීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.


අහංගම - සුගතපාල දීයගහගේ (දිවයින)

Guy Showed Nudity To Young Girls At Galle

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගාල්ලේදී සිසුවියන්ට නිරුවත පෙන්වූ තරුණයාට වුනු දේ"

    Post a Comment