15 July, 2016

හොර දොස්තර නිසා පුද්ගලයකුට වෘෂණයක් අහිමිවෙයි

ඕස්ට්‍රේලියාවේ ආධුනික වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු මිනිසෙකුගේ වම් වෘෂණ කෝෂය අනවසරයෙන් කපා ඉවත් කිරීම සම්බන්ධ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙසේ සිදුකර ඇත්තේ පීඩාවට පත්වූ පුද්ගලයා අන්තර්ජාලයේ වෛද්‍ය උපදෙස් පතා පලකල දැන්වීමක් දැකීමෙන් පසුවයි.

අනතරුව ඇලන් මැතිව්ස් නම් මෙම පුද්ගලයා මෙම රෝගියා සිටි හෝටල් කාමරය තුළට පැමිණ ඇති අතර එහිදී වෛද්‍යවරයෙකු ලෙස ර`ගපා මෙලෙසෙ ඔහුගේ වම් වෘෂණ කෝෂය ඉවත් කර ඇති බව වාර්තා වනවා.

මෙම පුද්ගලයා වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වූවෙක් නොවන බවයි පොලීසිය පැවසුවේ.

නමක් සඳහන් නොවන මෙම වෘෂණ ආබාධයෙන් පීඩා විදි පුද්ගලයා වසර ගණනක පටන් තම ආබාධය සුව කරගැනීමට උත්සහ දැරුවත් එම සියලු උත්සහයන් අසාර්ථක වූ නිසා අන්තර්ජාලයේ මෙලෙසෙ දැන්වීමක් පලකර තිඛෙනවා.

චෝදනාවට ලක්වූ ඇලන් මැතිව්ස් මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වන්නේ.


Fake Doctors Removed Testicle Of Man

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හොර දොස්තර නිසා පුද්ගලයකුට වෘෂණයක් අහිමිවෙයි"

    Post a Comment