15 July, 2016

දෙවරක් නාය ගිය අරණායක අවතැන් කඳවුරේ කාන්තිගේ ජීවිතය

අරණායක ප්‍රදේශයට දින සති ගණන් ඇද හැලුණු අනෝරා වැසි හේතුවෙන් තෙත බරිත වූ මහ පොළව නාය ගොස්‌ කාන්ති ඇයගේ සැමියා හා දරු දෙදෙනා සමග අසරණ කළේ සියල්ල අහිමි කරමිනි.

අම්බලකන්ද සිට දිප්පිටියේ රජය මගින් පවත්වාගෙන යනු ලබන අවතැන් කඳවුරක්‌ වෙත පැමිණි ඔවුන් රජයෙන්ද ජනතාව ගෙන්ද ලද සහයෝගය මත ජීවත් වුණ ගැබිණි මවක්‌වූ කාන්ති මෙලොව එළිය දැකීමට සිටින දරුවාගෙත් යහපත වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහතා උපදෙස්‌ දුන්නේ කාන්ති ඥති ගෙදරක නවාතැන් ගැනීම වඩාත් හොඳ බවයි.

කාන්ති ඥති ගෙදරක ටික දිනක්‌ ගතකරන විට ඇයට තේරුම් ගියා අතමිට කාසි පනම් ඇතිදා ඇති නෑයෝ අතමිට කාසිපනම් නැතිදා නැතිබව.

ඥති නිවසට ආයුබෝවන් කියා ඇය නැවත කඳවුරට ආවේ කුටුම්භය සමග වාසය කිරීමේ අදහසිනි.

අවතැන් කඳවුරේ ටික දිනක්‌ සිටින විට ඇයගේ දෙසවනට ලැබුණේ නරක ආරංචියකි.

තම කුසට දරුවන් තිදෙනෙකු ලබාදුන් පුරුෂයා කඳවුරේ වෙනත් කාන්තාවක්‌ සමග අනියම් පෙමක පැටලී සිටින බවයි.

නෝක්‌කාඩු හඬ මැද්දේ දින කිහිපයක්‌ ගෙවී ගිය විට සැමියා අනියම් බිරිඳ සමග කඳවුරෙන් පැනගොස්‌ ඇති බව දැන ගන්නට ලැබුණි.

ජීවිතය නැවත වරක්‌ නාය ගොස්‌ ඇති බව ඇයට හැගුණත් සියලු දුක්‌ කම් කටොලු හිතේ දරාගෙන ඇය අරණායක සිට මාවනැල්ල දක්‌වා යන බස්‌ රථයට ගොඩ වූයේ මාවනැල්ල රෝහලේ පවත්වන මාතෘ සායනය වෙත පැමි”ම සඳහාය.

කුස තුළ සිටින දරුවා නිරෝගීමත් දරුවෙකු ලෙස මෙලොවට බිහි කිරීම ඇගේ අපේක්‍ෂාව බැවිනි.

Kanthi's Life At Aranayaka Displaced Camp

යූ. ආර්. ජයන්ත සේනානායක - මාවනැල්ල

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දෙවරක් නාය ගිය අරණායක අවතැන් කඳවුරේ කාන්තිගේ ජීවිතය"

    Post a Comment