15 July, 2016

ඉපදුන ගමන් දරුවා මල්ලේ දමාගෙන ගිය 19 හැවිරිදි කත

දහනව හැවිරිදි තරුණියක්‌ සිය දරුවා ප්‍රසූත කිරීමෙන් පසු එම දරුවා මල්ලක දමාගෙන ගමන් කරමින් සිටියදී රාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකාරිය නුවරඑළිය දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එන මස 7 වන දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කළේ රාගල ඇල්වා වත්තේ අංක 2 ලැයිමේ පදිංචි දහනව හැවිරිදි තංගවේල් දමයන්ති නමැති තැනැත්තියකි.

මෙම දහනව හැවිරිද තරුණිය සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු සිය දරුවා මල්ලක දමාගෙන යන බවට රාගල පොලිසියට ලද තොරතුරක්‌ මත රාගල පොලිසියේ නිලධාරීන් වහාම ඇයගේ අත තිබූ මල්ල පරීක්‍ෂා කිරීමේ දී මෙය හෙළි වී තිබිණි.

මෙම දහනව හැවිරිද තරුණිය යම් අසනීප තත්ත්වයකින් සිටින බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඇයගෙන් මේ පිළිබඳ කිසිදු තොරතුරක්‌ අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇති අතර ඇය නුවරඑළිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් පසු වැඩිදුරටත් පරීක්‍ෂණ කටයුතු පැවැත්වේ.

වලපනේ සහකාර පොලිස්‌ අධිකාරී අනුරුද්ධ බණ්‌ඩාරනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ රාගල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කාරියවසම් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක රත්නායක, පොලිස්‌ සැරයන් (1922) විජේසිංහ යන නිලධාරීහු වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වති.

19 Year Old Woman Newborn Baby Put A Bag

වලපනේ - අරුණ (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉපදුන ගමන් දරුවා මල්ලේ දමාගෙන ගිය 19 හැවිරිදි කත"

    Post a Comment