15 July, 2016

ගංගා නම් ගංගාවේ ශුද්ධ ජලය තැපෑලෙන්

ගංගා නම් ගංගාවේ ශුද්ධ ජලය නිවසටම සැපයීමේ ජංගම සේවාවක් ආරම්භ කිරීමට ඉන්දියානු ජාතික තැපැල් සේවය පියවර ගෙන ඇත.

එම සැලැස්ම අනුව ගංගා නම් ගංගාවේ ස්ථාන දෙකකදී ශුද්ධ ජලය බෝතල් කිරීම සිදු කෙරෙයි.

සංචාරකයන් සහ වන්දනාකරුවන් අතර ජනප්‍රිය ගංගාව ආශ්‍රිතව පිහිටි ගංගොත්‍රි (Gangotri) සහ රිෂිකේෂ් (Rishikesh) නගරයේ යි වතුර බෝතල් කිරීම සිදු කෙරෙන්නේ.

හින්දි භාෂාවෙන් ගංගා ජල් (ගංගා නම් ගංගාවේ ජලය) යනුවෙන් නම් කෙරෙන වතුර බෝතල් ඉන්දියාව පුරා පිහිටි සියළුම තැපැල් කාර්යාල වල අලෙවි කිරීමට තබන අතර රිෂිකේෂ් වතුර බෝතලයක් ඉන්දියානු රුපියල් පහළොවක් සහ ගංගොත්‍රි වතුර බෝතලයක් ඉන්දියානු රුපියල් විසිපහක් මිළ ගෙවා ලබා ගත හැකිය.

ඊට අමතරව අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා ඇණවුම් කොට ගංගා ජල් වතුර බෝතල් පාරිභෝගිකයන්ගේ දොරකඩට තැපෑලෙන් සැපයීමට ද ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

ගංගා නම් ග`ග හින්දු බැතිමතුන් විසින් මාතෘත්වයෙන් පුදනු ලැඛෙන ස්වාභාවික සම්පතක් වන නමුත් එම ගංගා ජලය මේ වන විට මහා පරිමාණයෙන් දූෂිත තත්වයකට පත් වීමෙන් පරිසර ගැටළු රාශියක් මතු වී ඇත.

එවැනි තත්වයක් උද්ගත වී ඇත්තේ කාර්මික අපද්‍රව්‍යයන්, කුණුකසළ කාණු ඊට එක් කිරීම සහ මිනිස් මළ සිරුරු ගංගාවට දැමීම හේතුවෙනි.

එම තත්වය යටතේ ගග පිරිසුදු කිරීමේ මහා මෙහෙයුමක් දියත් කිරීමට අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි ප්‍රතිඥාවක් දී ඇතත් පරිසරවාදීන් පෙන්වා දෙන්නේ මෙතෙක් කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවයි.

මේ අතර තමන් කාලාන්තරයක් තිස්සේ ගංගා ජලය බෝතල් කොට විකි” මෙන් ජීවත් වූ බව පවසන ගංගාව ආශ්‍රිතව ව්‍යාපාර කරන කුඩා ව්‍යාපාරිකයන්, ඉන්දීය තැපැල් සේවය එම කාර්යයට මහා පරිමාණයෙන් අත ගැසීමත් සමග දැඩි තරගකාරී තත්වයක් උද්ගත වෙන බවයි පෙන්වා දෙන්නේ.

එම ව්‍යාපාරයේ නිරතව සිටි සුබ්‍රාතා කාන් නම් ව්‍යාපාරිකයා පවසන්නේ තමන් ගංගා ජලය පෙරා ඉතා පිරිසුදු තත්වයට පත් කොට විකිණීමට පියවර ගත් නමුත් ඒවාට ඇති ඉල්ලුම පහළ වැටුණ බවයි.

එම තත්වය තේරුම් ගනිමින් ගංගා ජලය පවිත්‍ර නොකොට විකිණීම ආරම්භ කිරීමත් සමග එම ශුද්ධ ජලය සඳහා ඉල්ලුම පුදුම එළවන සුළු මට්ටමින් ඉහළ ගිය බවත් සුබ්‍රාතා කාන් පවසයි.

Holy River Ganges Water By Post

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගංගා නම් ගංගාවේ ශුද්ධ ජලය තැපෑලෙන්"

    Post a Comment