15 June, 2016

අතවරයට ලක්‌වූ දැරියකට නින්දිත සැත්මක්‌ කරලා

පියාගෙන් හා පෙම්වතාගෙන් අතවරයට ලක්‌වූ බාලවයස්‌කාර දැරියකට උපත් පාලන සැත්මක්‌ සිදු කළ රජයේ වෛද්‍යවරයකු සොයා ගම්පොළ පොලිසිය පරීක්‌ෂණයක්‌ අරඹා ඇත.

දැරියගේ පියා රක්‌ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර සිද්ධියෙන් පසු සැ`ගවී සිටි පෙම්වතා අත්අඩංගුවට ගෙන ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය ඔහු ලබන 22 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරිය සිය පියාගේ අතවරයට ලක්‌ව ඇති අතර පසුව නිවසට පැමිණ ණය දෙන පෞද්ගලික ආයතනයක 23 හැවිරිදි අයෙකු සම`ග ඇය ප්‍රේම සබඳතාවක්‌ ගොඩ නගාගෙන ඔහු සම`ග හොර රහසේ මිනුවන්ගොඩ වටිනාපහ ප්‍රදේශයට පලාගොස්‌ ඇත.

මොහු සම`ග මෙම බාලවයස්‌කාරිය මාස 5 ක්‌ පවුල් කා ඇති අතර ඔහුගේ අනියම් සබඳතා ගැන ආරවුලක්‌ ඇති වී නැවත දැරිය බෝවල නිවසට පැමිණ තිබේ.

ඒ අතර ගම්වාසීන් විසින් මෙම දැරිය පියාගේ අතවරයට ලක්‌ව ඇති බව සඳහන් කොට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට පෙත්සමක්‌ ඉදිරිපත් කිරීම නිසා ඒ පිළිබඳව පරීක්‌ෂණ පවත්වා පියා අත්අඩංගුවට ගෙන තිබිණි.

පෙම්වතා අත්අඩංගුවට ගැනීමට කීප අවස්‌ථාවකම ගම්පොළ සිට මිනුවන්ගොඩට ගියද ඔහු සැ`ගවී ඇත.

ඒ අතර මොහු තවත් විවාහයක්‌ කර ගැනීමෙන් පසු විදේශ ගත වීමට සූදානම් වීමක්‌ පිළිබඳව තොරතුරු ලැබීම නිසා උපක්‍රමශීලී ලෙස ගම්පොළ පොලිසියේ අපරාධ අංශ ස්‌ථානාධිපති වරයා මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහු සම`ග මාස 5 ක්‌ පවුල් කන අතර තුර මිනුවන්ගොඩ වටිනාපහ රජයේ වෛද්‍ය මධ්‍යස්‌ථානයකින් දැරියට රජයේ වෛද්‍යවරයකු උපත් පාලන සැත්කමක්‌ද සිදුකර ඇති බව අනාවරණය වීම නිසා ඒ පිළිබඳව පරීක්‌ෂණ පවත්වා එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහාද මෙසේ පරීක්‌ෂණ අරඹා තිබේ.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ඒකනායක මහතාගේ උපදෙස්‌ මත ගම්පොළ පොලිසියේ අපරාධ අංශ ස්‌ථානාධිපති පො.සැ. (39810), රාජපක්‌ෂ පො.සැ. (29224) රූපසිංහ යන නිලධාරීන් පරීක්‌ෂණ සිදු කළහ..

ගම්පොළ - සුරංග දිල්හාන්



Surgery to girl who was abused

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අතවරයට ලක්‌වූ දැරියකට නින්දිත සැත්මක්‌ කරලා"

    Post a Comment