25 May, 2016

4 වසරේ සිසුවියට ගුරුවරිය දුන් අමුතු දඩුවම

ගාල්ලේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක හතරවන ශ්‍රේණියේ සිසුවියක කළ බැව් කියන වරදක් සම්බන්ධයෙන් එම පන්තියේ සෙසු සිසුවියන් හතළිස් හතර දෙනකු ලවා ටොකු ඇන්නවූ ගුරුවරියක් පිළිබදව පුවතක් අද වාර්තා වුණා.

ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධණ කමිටුවේදී මේ බව හෙළිදරව් කෙරුණා.

අදාළ සිසුවියගේ සුළු වරදක් සම්බන්ධයෙන් එම ගුරුවරිය මෙම ද`ඩුවම දී ඇති බවයි ගාල්ල ස්ථාන භාර පරිවාස නිළධාරි” කේ. නානායක්කාර මහත්මිය ගාල්ල දිස්ත්‍රික් ළමා සංවාර්ධන කමිටුවේදී අනාවරණය කළේ.

මෙම සිද්ධියෙන් පසුව එම දැරිය පාසල් යාමට අකමැත්තක් දක්වන බවත් සඳහන් කෙරුණා.

එම ගුරුවරිය විසින් 'උඹ හොර පාටයි' යනුවෙන් පවසා සෙසු සිසුවියන් ලවා මෙම දැරියට ටොකු අන්නවා තිඛෙනවා.

මෙම පාසලට පුහුණුව සඳහා පැමිණි විද්‍යාපීඨ ගුරුවරියක විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවද සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. කේ. රාජපක්ෂ මහතා

'ගුරුවරයා දරුවෙකුට දඩුවම් කරන්නේ ඔහු හෝ ඇය හදාගන්නයි.

හැමදේටම බැනුම් අහන්නෙත් දඩුවම් කරන්නෙත් වැඩ කරන ගුරුවරයා බව කිව යුතුයි.' යනුවෙන් පවසා තිඛෙනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ

'හැබැයි අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ආපු ගුරුවරියක් මෙහෙම කළා කීවාම පුදුම හිතෙනවා.

කොහොම උනත් ඒ පිළිබදව සොයා බලන්න කටයුතු කරනවා.

සොයා බලා ඒ ඒ අයට කරන්න ඕන ප්‍රතිකාර වර්ග ගොඩක් අපි ළග තියෙනවා.' යනුවෙනි.



The teacher gave a strange punishment to student

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "4 වසරේ සිසුවියට ගුරුවරිය දුන් අමුතු දඩුවම"

    Post a Comment