29 December, 2016

මහ රෑ දඹුල්ලේ පිරිමි කල්ලි දෙකක් එක ගැහැනියක් බෙදා ගන්න ගුටි කෙළගෙන


දැන් දැන් මේ සමාජයේ වෙන දේවල් එක්ක අනේ මෙහෙමත් දේවල් අහන්න සිද්ධ වෙනවානේ කියලා ඔයාලට මේ පුවත ඇහුවාම හිතෙන්නට පුළුවන්.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ (Dambulla Economic Centre) වෙළෙදසැලක් තුළයි.

ඊයේ (28) රාත්‍රියේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසැළක සේවකයින් පිරිසක් කාන්තාවක් රැගෙන ගොස් එහි ඇතුළත තබාගෙන සිට තිබෙනවා.

ඒ අවස්ථාවේ අසළ පිහිටි තවත් වෙළෙදසැළක සේවකයින් පිරිසක් එය දැක එම කාන්තාව ඉල්ලා තිබෙනවා.

ඇය ලබානොදීම නිසා දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එම අවස්ථාවේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීන් පැමිණ සිද්ධිය පාලනය කොට දඹුල්ල පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

එම ස්ථානයට පැමිණි පොලීසිය අදාළ කාන්තාව සහ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව කාන්තාව රැගෙන ආ වෙළෙදසැළට අද අළුයම දෙකට පමණ සීල් තැබීමට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

කුරුණෑගල නව ජාත්‍යන්තර පාසලක ත්‍රස්තවාදී ප්‍රේමයක්!

international-school-terrorist-love

කුරුනෑගල ප්‍රදේශයේ නොබෝ දිනකට පෙර ස්ථාපිත වූ ප්‍රසිද්ද ජාත්‍යන්තර පාසලක නව ශාඛාවක තස්ත්‍රවාදී ප්‍රේමයක් හටගෙන ඇති බැව් වාර්තා වෙනවා. 

මෙම ජාත්‍යන්තර පාසල ලංකාවේ විශිෂ්ඨ නමක් දිනාගෙන ඇති පාසලක් වන අතර එහි නව ශාඛාව කුරුනෑගල ස්ථාපිත කරා

එහි සේවක මණ්ඩලයේ රසබර සිද්දියක් වාර්තා විය. එනම් එහි සේවය කල තස්ත්‍රවාදියෙකු යැයි සැක කල ජා ඇල ප්‍රදේශයේ සිට පැමිණි දමිල නිලධාරියෙකු වයස විසි පහට අඩු නිලධාරිනියන්ට තමන්ගේ දුක්ගැනවිලි කියමින් ආදරය ප්‍රකාශ කිරීමයි. 

වයස පනහ ඉක්මවූ මෙම දමිල නිලධාරියාගේ හැසිරීම පිළිඹඳ දෙමව්පියන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සුළු සේවකයන්ද විදුහල්පතිට පැමිණිලි කලත් එම විදුහල්පතිවරයා එය ගණනකටවත් නොගෙන ඇත

කෙසේ වෙතත් තත්වය බරපතල වුයේ එම දමිල නිලධාරියා ලාබාල නිලධාරිනියන්ට තෑගී බෝග චොකලට් සහ ගමනාගමන පහසුකම් සපයාදීමට ගොස් වැඩ වරද්දා ගැනීමෙනි. 

අවසානයේ එම නිලධාරිවරියන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ද විදුහල්පතිට මේ ගැන පැමිණිලි කිරීමෙන් එකී දමිල නිලධාරිවරයා එම ජාත්‍යන්තර පාසල් ජාලයේම ප්‍රවාහණ අංශයට මාරුකර යවා ඇත. 

කෙසේ වෙතත් මෙම පාසලෙහි ගුරුවරුන් සහ දෙමාපියන්ද ඉහත සිදුවූ පටලැවිල්ල සම්බන්ධයෙන් පාසලෙහි නොයෙක් නිලධාරීන්ට පැමිණිලි කලත් අපට වාර්තා වූ ආකාරයට එකී නිලධාරීන් කිසිදු පියවරක් නොගෙන ඇත. 

කෙසේ වෙතත් චොකලට් ප්‍රේමය ඉදිරියට ගෙනගිය දමිල නිලධාරිවරයා (ඔහු ගණකාධිකාරීවරයෙකි) විසින්ම පාපොච්චාරණයක යෙදෙමින් තමන්ගේ වැරැද්ද මේ වන විටත් පිලි අරගෙන ඇතැයි වාර්තා වේ.

එම පාසලේ විසුහල්පතිවරයා තම පාසල් ජාලයේ මෙතෙක් නොවූ සිද්දියක් කුරුණෑගල ශාඛාවේ සිදුවීම නිසා දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙනවා.

උතුරු කොරියානු ඒකාධිපතියා පුද්ගලයින් 340ක් එල්ලා මරා දමලා

kim-jong-un

උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් පුද්ගලයින් 340ක් එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ 2011 ඔහු බලයට පත් වූ දා සිට පුද්ගලයින් 340 ඉතා කුරිරු අත්තනෝමතික ලෙස එල්ලා මරා දමා ඇති බවයි.

මෙසේ මරා දමා ඇති පුද්ගලයින් අතුරින් 140 දෙනෙකු එරට රජයේ ඉහළ තනතුරු දරන්නන් බවයි පැවසෙන්නේ.

තවද හමුදාවේ නිළධාරීන්ද මෙසේ මරා දමා ඇත.

ඔහු පාලනය කළ පස් අවුරුද්ද තුළ ආරක්ෂක ඇමතිධූරය පස්වතාවක් වෙනස් කර ඇත.

කිම් ජොන් උන්ගේ පියා වසර 17 පලනය කළද ආරක්ෂක ඇමතිධූරය වෙනස් කොට ඇත්තේ 3 වතාවෙක් පමණි.

නිල ඇඳුම ගලවා අඩ නිරුවත් වුණ ඊශ්‍රායල් සෙබළියන්

ඊශ්‍රායල් සෙබළියන් නිල ඇඳුමින් වැසී ඇති තම සුන්දර සිරුර පෙනෙන සේ අඩ නිරුවතින් ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

සියලුම යුදෙව්වන් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු වසර 02ක කාලයක්වත් හමුදා සේවයට එක්වීම ඊශ්‍රායලය තුළ අනිවාර්ය කර තිබෙනවා. 

මේ සුන්දර තරුණ යුවතියන්ද එලෙස ආරක්ෂක සේවයට ඇතුළත් වූවන් වනවා.













සුසන්තිකා ජයසිංහ ගුවනින් කොළඹට (Photos)

ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පසුගිය දිනක දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබුණේ ඩෙංගු රෝගය වැළඳීමෙන්.

එළෙස දියතාලව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවා තිබෙනවා. 

ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ජාතික රෝහලේ හෙලිකොප්ටර් අංගනය වෙත සුසන්තිකා රැගෙන ආ අවස්ථාවේ ඡායාරූප පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුණේ මෙලෙසින්.









හින්දි ගීයෙන් ලොවක් මවිත කළ බොලිවුඩයටත් ආරාධනා ලද ලංකාවේ කෙල්ල

kushi-madusha-gimhani-01

බහරේනයේ සිට අන්තර්ජාලය කළඹන මියුරු ගී රාවයක්.

අති මියුරු හඬකින් හින්දි ගීතයෙන් රසිකයන් පිනවන ඇය ශ්‍රී ලාංකික තරුණියක්.

‘ස්මියුල්’ මෘදුකාංගය ඔස්සේ ඔබ හමුවන ඇය ‘කුෂී’.

කුෂී ගිම්හානි.

‘කුෂී’ ලෙසින් මිතුරු මිතුරියන් හැඳින්වුවත් ඇගේ සැබෑ නම මධූෂා ගිම්හානි.

දැනට ‘ස්මියුල්’ මෘදුකාංගය යොදාගෙන ගී ගයන බොහෝදෙනාට එය හඳුන්වා දුන්නේ තමන් බවත් ඇය පවසන්නීය.

එහෙත් ඇය වෘත්තීය ගායිකාවක හෝ සංගීත ශිල්පිණියක නොවේ.

ඇය බහරේනයේ රූපලාවණ්‍ය ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණියක්.

“මම කවදාවත් සංගීතය ඉගෙනගෙන නෑ,” යැයි කුෂී පවසන්නීය.

“හැබැයි ලංකාවේදීත්, බහරේන්වලත් ප්‍රසංගවල එහෙම මම ගීත ගායනා කරලා තියෙනවා.”

හින්දි භාෂාව චතුර ලෙස හසුරුවමින් බහරේනයේදී ඇය ගී ගයන අයුරු දුටු ප්‍රධාන පෙළේ බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙක් තමන්ට බොලිවුඩ් පුරවරයට ආරාධනා කළ බවත් කුෂී සංදේශයට කියා සිටියාය. එහෙත් ඇය තවම ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැහැ.

කුෂී හෙවත් මධූෂා ගිම්හානි ගී ගයන්නේ හින්දි භාෂාවෙන් පමණක් නොවේ.

නුදුරු අනාගතයේදීම යළිත් ශ්‍රී ලංකාවට පැමිණ ලාංකීය රසික රසිකාවියන්ට සිය නිර්මාණවලින් සංග්‍රහ කිරීම කුශී ගේ බලාපොරොත්තුවයි.


බීබීසී සංදේශය සමඟ කළ සාකච්ඡාව.






kushi-madusha-gimhani-02

kushi-madusha-gimhani-03

kushi-madusha-gimhani-04

kushi-madusha-gimhani-05

28 December, 2016

බදුලු දුම්රියේ බෝම්බ කියලා ෆෝන් කරලා තියෙන්නේ පෙම්වතා යන එක නවත්තන්න

badulla-train-bombing
කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රි බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රිය බෝම්බ බියක් හේතුවෙන් ධාවනය කෙරුණේ පැය 2කටත් අධික ප්‍රමාදයකින් අනතුරුවයි.

එහි සැකකටයුතු යමක් ඇති බවට පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ තරුණියක් බවට මුලික පරීක්ෂණවලදී  හෙළි වී තිබෙනවා.

මේ වන විට හෙළි වී ඇත්තේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමග විවාහ වීමට අදාළ දුම්රියෙන් ගමට යන බවට ලද තොරතුරක් මත ඇය මෙම ඇමතුම ලබාදී ඇති බවයි.

පන්සල්-වෙහෙර විහාරවල බුදු පිළිමයක්වත් තියාගන්න බැරි තත්ත්වයක්



වෙහෙර විහාර හා දේවාලයන්හි ඇති පුරාවිද්‍යා වටිනාකම් සහිත පූජා භාණ්ඩ මෙන්ම බුදු පිළිමයන්හි උෟර්ණ රෝම ධාතුව හා චූඩා මාණික්‍යයන් සොරා ගන්නා කණ්ඩායමක් නිසා විහාරාධිපති හිමිවරු හා දේවාලයන් හි නිලමේවරු මහත් බියකින් පසුවන බව පවසති.

මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් චෛත්‍ය 16ක පමණ පසුගිය කාලසීමාව තුළ චූඩා මාණික්‍ය ගලවාගෙන ගොස් ඇති අතර බුදු පිළිම රාශියක රන් ආලේපිත උෟර්ණ රෝම ධාතුව ගලවා ගෙන ඇත.

ඓතිහාසික ගනේගොඩ කතරගම දේවාලය පමණක් මේ වනවිට තුන්වරක් බිඳ එහි වටිනා භාණ්ඩ රැගෙන ගොස් ඇත.

පසුගිය සතියේ මෙම දේවාලය කඩා එහි තිබූ රන් දෝලාවද රැගෙන ගොස් තිබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේවාල 32 අතරින් මේ ආකාරයට දේවාභරණ වැඩම කරන රන්දෝලියක් සොරා ගත් ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවේ. දුටුගැමුණු රජ සමයටත් වඩා පැරැණි කොත්මලේ පුසුල්පිටිය රජමහ විහාරය බිඳ එහි තිබූ දඹරන් බුදු පිළිම සොරා ගෙන ගිය අතර මෙයට මාස 2කට පෙර එහි තිබූ ගම්පොළ බුවනෙකබා රජ විසින් කරවන ලද ඇත්දළ හා මුතු මැණික් එබ්බ වූ මකර තොරණද සොරා ගන්නා ලදී.

මේ ආකාරයට ගම්පොළ ඇත්ගාල විහාරය, පුස්සැල්ලාව ඉබ්බන් වැව විහාරය, මන්තින්දාරාම විහාරය, නාවලපිටිය වේළුවනාරාමය, ගම්පොළ රතනසාර විහාරය, උලපනේ බෝධිරුක්ඛාරාමය, ඇල්පිටිය පොත් ගුල් රජමහ විහාරය, ලබුවැල්පොළ පිරිවෙන ඇතුළු විහාර ගණනාවක පැරැණි කෞතුක භාණ්ඩ, චූඩා මාණික්‍ය ආදිය සොරා ගෙන ඇත.


දිගින් දිගටම සිදුවන මෙම සොරකම් සමඟ විහාරාධිපති හිමිවරු හා දේවාලවල නිලමේවරු මෙන්ම කපු මහත්වරුද මේවා ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙසට ඉල්ලා සිටිති.

ගම්පොළ - මාධව බණ්ඩාර

උපන් ඇඳුමින් අල්ලපු ගෙදරට රිංගපු බේබද්දා වෙරි හිඳෙන්න ගුටිකයි

nude-man-beaten

සිවිලිම දිගේ බඩගාගෙන ගොස් අල්ලපු ගෙදරට රිංගා සිටියදී හසුවූ නිරුවතින් බීමත්ව සිටි අයකු අසල්වාසීන්ගේ පහරකෑමට ලක්ව නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.

පෙරේදා (25දා) සවස මෙම සිදුවීම වී ඇත්තේ ලිඳුල පොලිස් බල ප්‍රදේශයට අයත් ඩෙයාර්වීල් වත්ත තුළදීය.

පහරකෑමට ලක්ව ඇත්තේ 39 හැවිරිදි එක්දරු පියෙකි.

තරුණ දියණියක්ද වෙසෙන මෙම නිවසේ මව මුළුතැන්ගෙයි සිටින විට එක්වරම ගේ ඇතුළෙන් කිසිවක් කඩා වැටෙන හඬක් ඇසී බලන විට කඩා වැටුණු ඇඳක් මත නිරුවත් අයකු සිරවී සිටිනවා දැක බියපත්ව කෑගසන විට අසල්වාසීන් පැමිණ තිබේ.

මෙසේ අල්ලාගත් පුද්ගලයා එම ලැයිම් පේළියේම අල්ලපු නිවසේ පදිංචි අයකු වන අතර එම වතු ලැයිම් පේළිවල සිවිලිමට උඩින් තිබෙන ඉඩ ඔස්සේ බඩගාගෙන පැමිණ රහසේම බිමට බැසීමට ඇඳ මතට කකුල තියන විට ඇඳ කඩා වැටී ඇත.

ලිඳුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

මහනුවරදී ත්‍රිරෝද රියකින් තරුණියක් පැහැරගෙන යන්න තැත් කරලා

kidnap-girl-02

මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී තරුණියක් පැහැරගෙන යෑමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියැදුරකු මහනුවර පොලිසිය විසින් පෙරේදා (25දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ සිට තම සහෝදරයා සමඟ පසුගියදා (24දා) රාත්‍රි 9.30ට මහනුවරට පැමිණ තිබෙන මෙම 21 හැවිරිදි තරුණිය තැන්නකුඹුරේ පිහිටි නිවෙස බලා යෑමට ත්‍රිරෝද රථයකට ගොඩවූ අවස්ථාවේ එහි රියැදුරු ඇගේ සහෝදරයා ඊට නඟින තුරු නොසිට තරුණිය පමණක් සිටියදී වේගයෙන් රිය ධාවනය කර ඇත. 

යුද හමුදා සෙබළකු වන සහෝදරයා ත්‍රිරෝද රථය පසුපස පන්නා ගොස් එය අල්ලා රියැදුරුට පහරදුන් අවස්ථාවේ සහෝදරිය ත්‍රිරෝද රථයෙන් පිටතට පැන ඇත.

පලාගිය ත්‍රිරෝද රථයේ ඡායාරූපයක් යුද හමුදා සෙබළා විසින් තම ජංගම දුරකතනයෙන් ලබාගෙන එය මහනුවර පොලිසියට ඉදිරිපත් කර තිබේ.

එම ඡායාරූපය අනුව පරීක්ෂණ සිදු කළ පොලිසිය පෙරේදා (25දා) පෙරවරුවේ සැකකරු මහනුවර නගරයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මහනුවර - කමල් සුරවීර

පිටගමක කෙල්ලකට පෙම්කළ වරදට ගුටි කෑ තරුණයා මියයයි

indian-guys-beaten-by-polititian-son

පෙම් සබඳතාවක් ගොඩනඟා ගැනීමට තරුණියකගෙන් කැමැත්ත විමසීමේ සිද්ධියක් මුල්කරගෙන එම තරුණියගේ ගමේ පිරිසකගේ පහර කෑමට ලක්වූවා යැයි කියන 22 හැවිරිදි තරුණයකු වලපනේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

පෙරේදා (26දා) සවස සිදුව තිබූ පහරදීමෙන් එදින රාත්‍රියේ මියගොස් ඇත්තේ වලපනේ, රෝහල පාරේ පදිංචිව සිටි එම්.ජී. රුවන් සාවින්ද නමැති අයෙකි.

නිල්දණ්ඩාහින්න, පුස්සලපිටිය ප්‍රදේශයේදී මේ පහරදීම සිදුව ඇති අතර තරුණයාට පහරදීමෙන් අනතුරුව ඔහු ත්‍රීවීල් රථයක දමාගෙන වලපනේ ප්‍රදේශයට ගෙනවිත් දැමූ පසු අසල්වාසීන් විසින් ඔහු රෝහලට රැගෙන ගොස් තිබේ.

මේ පහරදීමට සම්බන්ධ යැයි සැකකරන හතරදෙනකු වලපනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පහරදීමට සම්බන්ධ තවත් පිරිසකගේ තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ සහ වලපනේ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත වලපනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කුමාරසිරි මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරයි.

මන්ද මානසික දරුවාට ලිංගික අතවර සිදු කරලා

දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිටි නව හැවිරිදි (09) මන්ද මානසික පිරිමි දරුවකුට අමානුෂික ලෙස ලිංගික අතවර කළ බව කියන එම මධ්‍යස්ථානයේ සේවකයකු ජනවාරි මස 06 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (27දා) නියම කළේය.

මැදිවෙල ප්‍රදේශයේ පදිංචි ඩයස් නමැත්තකු එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ මිරිහාන පොලිසියේ සැරයන් හේරත් (22171) මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේ ඉහතකී දරුවා පසුගිය දිනයක අසනීපවීම හේතුවෙන් ඔහුගේ මව පැමිණ ඔහුව සිය නිවෙස වෙත කැඳවාගෙන ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී දරුවාගේ ශරීරයේ විවිධ ස්ථානවල තිබූ තුවාල කැළලි දැක ඇති ඇය ඒ පිළිබඳ දරුවාගෙන් විමසීමේදී ඉහතකී අතවර සිද්ධිය අනාවරණය කරගෙන ඇති බවත්ය.

මෙකී දරුවා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමුකර ඇති බවද අනාවරණය කෙරිණි.

lonely-boy

කුමුදු උපුල් ශාන්ත