08 October, 2017

මිනිස්කම නැතිවෙන ගනුදෙනු මතුවෙන ශ්‍රම කඳවුරක සුසුම් කුණාටු

trade-zone-life

Love කරන්න විතරක් නෙවෙයි මහත්තයෝ, ඇබෝෂන් එකට, මේක් අප් සැලුන් එකට, ක්ලිනික්වලට, අඩන්තේට්ටම් ගැන පැමිණිලි කරන්න පොලිසියට, පන්සලට, පල්ලියට, මූදු වෙරළට කලාපේ කෙල්ලන්ට විතරක් නෙමේ කොල්ලන්ටත් ත්‍රීවීල් අපේ සපෝට් එක ඕනේ. කලාපේ රස්සාවක් කරලා ක්‍රමේකට ජීවත් වෙන්න මාර මීටර් එකක් තියෙන්න ඕනේ. කාටහරි කොටලා බඩ පුරවා ගන්න කාක්කෝ තමයි වැඩි. අපේ රටේ එකෙක් ඔළුව උස්සනවාට අනිකා කැමැති නෑ. දුකට සැපට, හදිසියට ත්‍රීවීල් අපේ සපෝර්ට් එක ඔය කාට කාටත් ඕනේ වෙනවා.

ගවේෂණයක අවසානයක් නෑ. පාඨක ඔබව නිරීක්ෂණයට පෙලඹවීමයි උත්සාහය. මේ ලියන ලියමනකින් සමාජ සහජීවනය වර්ධනය වෙනවා නම් එයයි තෘප්තිය. ජීවිතවල රහස් හෙළිදරව් කිරීම විනෝදාංශයක් හෝ රක්ෂාවක් නොවේ. හැම රහසකම සමානකමක් තියෙනවා. ඒ තමා සැකය සහ නීතිය. මුදල අපිව පාලනය කරන්න පටන් අරන්.

පොලිසියේ බුද්ධි අංශවලින් ඇවිදිල්ලා කියලා දවසක් අපිව අන්දවලා ඇබෝෂන් කරන තැනක් ගැන අපෙන් තොරතුරු ඇහැව්වා. අපේ එකෙක් එහෙම තැනක් ආපු දෙන්නාට ගිහිල්ලා පෙන්නලම දුන්නා. පහුවදා මං එතැනට ගියා කපල් එකක් එක්ක. ඉස්සෙල්ලා දවසේ ආපු මෑන් කෙනකුත් කෙල්ලෙක්ව අරන් ඇවිත් ඇබෝෂන් එකට. අන්න එදා මම පොලිස් පාට් දාපු ඒ මෑන්ව ඇත්තටම පොලිසියට මාට්ටු කරලා දුන්නා. මෑන්ට, ඒ ගෑනු ළමයාව බඳින්න වුණා. ඒ වගේ කලාපෙට ඇවිත් වැනසෙන ජීවිත බොහෝමයක් අපි බේරගෙන තියෙනවා.

කෝසල... මෑන් සෙට් වුණා තංගල්ල දිහා කෙල්ලෙක් එක්ක. අවුරුදු නිවාඩුව ආපුවාම මට කතා කළා ත්‍රීවීල් එකේ තංගල්ලේ යන්න. හයර් එකට. කෙල්ල තමා ගමනට බොහෝම උනන්දු වුණේ. රෑ 9.00ට විතර අපි තංගල්ලේ. මටත් පහුවදා පාන්දරම යමු කියලා කොල්ලා ඉන්නැයි කිව්වා. පසුදා උදේ 9.00ට විතර තවත් ත්‍රීවීල් එකකින් කෙල්ලගේ අම්මයි, තාත්තයි, මාමායි, මායි ජෝඩුවයි එක්කම රෙජිස්ට්‍රාර් ගෙදරට ගියා. බලහත්කාරයෙන්ම බන්දලා දුන්නා කෙල්ලව කෝසලට. ඒ වගේ සිද්ධි නැතිව නෙමෙයි.

කලාපෙට සීමා වෙච්ච නවකතා සංස්කෘතියකුත් තියෙනවා. කොටස් වශයෙන් පළවන නවකතා රාශියක් ඇතුළත් සඟරා කලාපය තුළ තියෙනවා. මේ හැම කතාවක් ඇතුළේම තියෙන්නෙ, අපහසු මාර්ගවලින් නමුත් සුන්දර ප්‍රේම සටන් ජය ගැනීමයි. එහෙම නැත්නම් පළිගැනීමෙන් සතුටු වීම. ධනාත්මක මනසක සංවර්ධන වැඩමුළු රැවටීමට පත් වූවන්ට සහන සලසන පුද්ගලික ව්‍යාපෘති, ඉනාබේත්, වශීගුරුකම්, පුද පූජා මේ වාගේ රාශියක් වූ මුදල් ගරාගන්නා රැවටිලි කලාප අඩවියේ අප්‍රමාණයි.

සුමිත්‍රා කපු මව ගාවට ඇවිත් හිටපු බොහෝ දෙනා ජීවිතය වරද්ද ගත්ත කාන්තාවෝ. එහෙම නැත්නම් රට රස්සාවකට ගිහින් නැවත මවු රටට එද්දී හම්බකරලා එවපු තුට්ටුවත් වියදම් කරලා වෙන ගෑනියෙක් අරන්, දරුවෝ අතරමං කරපු සැමියන්ට පළිගහන්න ආපු අය. සුමිත්‍රා කපු අම්මා මේගොල්ලන්ට වටිනා දේශනයක් දෙනවා කෝන්තරවලට අමතරව. මට වැටහුණේ නම් එය තමා පිහිට කියලා.

මනම්පිටියට එහා දුප්පත් ගමක සිට කටුනායක රැකියාවට ආපු සකුන්තලාගේ කතාව හරිම අනුවේදනීයයි." අපේ තාත්තා ගොවිතැන් කෙරුවේ. රෑ වෙද්දී බීගෙන ඇවිත් අම්මා එක්ක රණ්ඩු වෙනවා. උදේට දෙන්නාම කිසි වගක් නොවුණා වාගේ හරිම ආදරයෙන් ඉන්නේ. අපිට මොනවා හරි තම්බලා කන්න දෙන්න අම්මා පුදුම දුකක් වින්දේ. අපේ පවුලේ ගෑනු ළමයින්ම 4 දෙනයි. ඒ දවස්වල යුද්ධ කාලේ. තාත්තා හමුදාකාරයොත් අපේ ගෙදරට එක්කන් එනවා. අරක්කු බීලා, ගංජා ගහලා, සින්දු කියලා පාටි දානවා. එහෙම ආපු එකෙක් අම්මා එක්ක ඉන්නවා මගේ අතටම අහු වුණා. මෙහෙ ඉඳලා කටුනායක වැඩට ගිය මං අඳුරන අක්කා කෙනකුට මේ කතාව මම කිව්වා. මම කණේරු ඇටයි සීනියි කාලා මැරෙන්න හිතාගෙන හිටියේ. ඒ අක්කා මට වෙළෙඳ කලාපේ රස්සාවක් හොයා දුන්නා. පස්සේ මං නංගිලා තුන්දෙනාවත් මෙහේ ෆැක්ටරිවල වැඩට ගත්තා. තවම ආපු දා පටන් එක දවසක්වත් ගමට ගියේ නෑ. අම්මාගේවත්, තාත්තාගේවත් මරණෙකට නොයන්නයි මං හිතාගෙන ඉන්නේ. මමත් දැන් දරු දෙන්නකුගේ අම්මා කෙනෙක්. කලාපේ විලාපයක්ම නෙවෙයි කියලා මේ කතාවලින් පැහැදිලි වෙනවා.

කලාපේ බේ‍රා්කර්ලා බහුලයි. හිත් පිත් රහිත. ඒ වාගේම ඉඩම් කට්ටි වෙන්දේසි වටපිටාවේ හැම තැනම තියෙනවා. වෙන්දේසි අයිතිකාරයෝ නෙවෙයි කඩපු ඉඩම්වල තාවකාලික කාර්යාලවල ඉන්නේ. ඒ අයත් එක්ක මේ රස්තියාදුකාර බේ‍රා්කර්ලා සෙට් වෙනවා. බලාපොරොත්තු පුරවාගෙන ඉන්න ජෝඩුවලට ඉඩමක් ගන්න හීන මවන කෙල්ලන්ට කොල්ලන්ට ඉඩම් කෑලි පෙන්නලා අත්තිකාරම් ගන්නවා. එව්වාට වෙනම හොර බිල්පොත් තියෙනවා. සෑහෙන ගාණක් ගෙව්වාට පස්සේ ආපහු ඉඩම ගිහිල්ලා බලද්දී සමහරවිට ඒවාගේ වෙනත් අයිතිකාරයෝ පදිංචි වෙලා. පස්සේ වෙන්දේසි සමාගම් හොයාගෙන යනවා. එතැනදි තමා වැටහෙන්නේ තමන් රැවටිලා තියෙන තරම.

ඒ වගේම තමා මත්පෙතිවලට හුරු කරන හොර වෙදාලා, ‍ෙදාස්තරලා, සමහර ඔෟෂධ වර්ග නැතිව වැඩක් පළක් කරගන්න බැරි තරමට අහිංසක වෙච්ච සහෝදර සහෝදරියෝ කලාපේ ඉන්නවා. හොර වෙද්දු ඔවුන්ව අන්තරාදායක ඔෟෂධ (මත්ද්‍රව්‍ය) භාවිතයට හුරු කරලා. ඇත්තටම මේ වගේ සමාජීය ඛේදවාචක පිළිබඳ සූක්ෂ්මව සොයා බලා සමාජ ශෝධනයන් ආරම්භ කිරීම වගකිව යුත්තන්ගේ වගකීමක්.

ජීවත් වෙන්න සල්ලි ඕනේ. සහජීවනය නමැති සන්තෘෂ්ටිය බේදබින්න කරගෙන සල්ලි හොයන්න තරම් වෙළෙඳපොළ හා තාක්ෂණය පහසුව මූලික කරගෙන අපිව කපටි කරලා... අපේ රටේ ශ්‍රමයට තියෙන වටිනාකම තමා බහු ජාතික සමාගම්වල ශුද්ධ ලාභය. ගෝලීයකරණයත් සමඟ සිදුවන මෙම සන්නිවේදන තාක්ෂණික විප්ලවය නතර කරන්න කාටවත් බෑ. නව තාක්ෂණයට හුරු කිරීම තරම් මිනිස්සුන්ට දිය හැකි වෙනත් ත්‍යාගයක් නෑ. වර්තමාන වෙළෙඳපොළට. එතැනදී අපි මිනිස්කම් ගැන කොයිතරම් කතා කෙරුවත් ගනුදෙනුව තමයි ඉස්මතු වෙන්නේ. කලාපයේ විලාපය ඇතුළේ මිනිස්කම පුබුදු කිරීම තමයි මගේ ප්‍රලාපයට මූලික වුණේ.
කලාපේ විලාපේ ලිපිපෙළ මෙයින් නිමා කරනවා.

අප පොදුවේ මුහුණපාන යම් දුෂ්කරතාවක් වෙයි නම් එය විස¼දා ගැනීමටත් පොදු ප්‍රයත්නයක් දැරිය යුතුය. ශේ‍ර්ෂ්ඨ නිර්මාණශීලියෙක් වන විලියම් ශේ්ක්ෂ්පියර්ගේ කියමනකට අනුව...
"තම ආහාර, ඇඳුම් පැලඳුම් සඳහා මුදල් උපයා ගැනීමට අවස්ථාව ඇති තැනැත්තා කිසිවකුට ද්වේෂ නොකරයි. එම කියමන මෙම වර්තමානයේදී කොතරම් සත්‍යයක්ද යනු අපි ගවේෂණාත්මව නිරීක්ෂණය කරමු.

ඉඳුනිල් පාලිත (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මිනිස්කම නැතිවෙන ගනුදෙනු මතුවෙන ශ්‍රම කඳවුරක සුසුම් කුණාටු"

    Post a Comment