18 September, 2017

BOI වසර 40ක් සපුරයි

boi-covers-40-years

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට වසර 40ක් සැපිරීමේ සැමරුම් උත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15දා උත්සවශ්‍රීයෙන් පවත්වා තිබේ.

ඝෘජු විදේශ ආයෝජනයන් සඳහා පහසුකම් සැලසීමේ මධ්‍යගත කේන්ද්‍රය ලෙස ස්ථාපිත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මෙම 40 වසරක අභිමානවත් සැමරුම් උත්සවය කටුනායක අපනයන සැලසුම් කලාපයේදී සංවිධානය කර තිබේ.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අනුරුවක්ද අපනයන සැලසුම් කලාපයේදී ජනාධිපතිවරයා අතින් විවෘත කර ඇත.

එමෙන්ම තෝරාගත් ආයෝජකයින් 40 දෙනෙකු වෙත විශිෂ්ටතා සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් සිදුකර ඇති අතර, රැකියා උත්පාදනය, ලංකා ආර්ථීකයට මෙම ආයෝජකයින් දක්වා ඇති දායකත්වය සහ ආයෝජන වටිනාකම් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. (ෂමිල පෙරේරා - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "BOI වසර 40ක් සපුරයි"

    Post a Comment