01 September, 2017

අපේ මාලි ලෝක පූජිතයන්ගේ ලැයිස්තුවට...!

lasith-malinga

ජාත්‍යන්තර එක්දින පිටියේ කඩුලු 300ක් දවාගත් ලොව 13වන ක්‍රීඩකයා බවටත්, 04 වන ශ්‍රී ලාංකිකයා බවටත් පත්වීමට ශ්‍රීලංකා ක්‍රිකට් නායක යෝකර් කිං ලෙස විරුධාවලියලත් ලසිත් මාලිංග ඊයේ සමත් වුණා.

ඒ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඉන්දියාව හා පැවති එක්දින තරඟයේදී සුපිරි ක්‍රීඩක ඉන්දියානු නායක විරාත් කෝලි දවාගනිමිනි.

ඊයේ තරඟයේ පන්දු 96ක් තුළ ලකුණු 131 රැස්කළ කෝලි මාලිංගගේ පන්දුවකට ඩිල්ෂාන් මුණවීර අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේ මාලිංගගේ 300 වන කඩුල්ලට තවත් වටිනාකමක් එක් කරමිනි.

එක්දින පිටියේ ලොව වැඩිම කඩුලු ලාභියා වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් වන අතර ලංකාවේ සුපිරි ක්‍රීඩකයින් වන චමින්ද වාස් හා සනත් ජයසූරිය එම ලයිස්තුවට මීට පෙර ඇතුළත් වුණා.

මේ වන විට තරඟ 202කට සහභාගී වී සිටින ලසිත් මාලිංග 2023 වසර තෙක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ පැවසුවා.

TITLE

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අපේ මාලි ලෝක පූජිතයන්ගේ ලැයිස්තුවට...!"

    Post a Comment