15 August, 2017

"සල්ලිවලට ඕනෑම දෙයක් කරන අය" - ශූටින් ගිහිං ඇඳේදි වෙන වැඩක් ගැන උදාරිගෙන් එළියට...

hemal-ranasinghe-udari-warnakulasooriya
උදාරි වර්ණකුලසූරිය/ හේමාල් රණසිංහ
ප්‍රියන්ත කොළඹගේ කරපු ආදරණීය කතාවේ පියවි චරිතය තාම ජනප්‍රියයි. උදාරි වර්ණකුලසූරිය ඒ විදියට කීවේ එයත් එක්ක කරපු කතාබහකදී.

උදාරි ආපසු සිනමාවෙන් පුංචි තිරයට ඇවිල්ලා වගේ?
මම කොහොමත් හිටියේ පුංචි තිරයෙනේ. ඒත් පියවි චරිතය හින්දා චිත්‍රපට නිළියක් තැනටම වැටිලා.

ගොඩක් අය චිත්‍රපටවලට ආවම ටෙලි අමතක කරනවානේ. ඒක ඩිමාන්ඩ් එකේ ප්‍රශ්නයක්ද?
දැනට ෆිල්ම් දෙකක් කළා. ටෙලි නාට්‍ය තුනක් කරලා තියෙන්නේ. සමහර නළු නිළියන්ට තියෙන ප්‍රශ්නය මට නෑ.

ඒත් උදාරිට පොඩි කාලෙකට හරි සිනමාව මඟහැරුණද?
මම ටික කාලෙකට ලංකාවෙන් පිට හිටිය හින්දා එහෙම හිතෙන්නේ පුළුවන්. ඒත් ඒ කාලයේදීත් චිත්‍රපටවලට කතා කළා. මම මගේ පවුලට දරුවට මුල්තැන දුන්නු නිසා ඒවටත් බෑ කීවා

පසුගිය කාලේ අරාබි නිසොල්ලාසයත් කියෙව්වා කියන්නේ ඇත්තද?
ඔව්. ඇලඩින්ගේ පුදුම පහන චිත්‍රපටයේ කුමාරිකාවගේ චරිතය කරන්නේ මම. ඊට පස්සේ පෝරිසාදයා කියන ක්‍රියාදාම චිත්‍රපටයත් රඟපෑවා.

උදාරි හිතන විදියට සිනමාවේ යුග බිහිවෙන එක කෙනෙක්ගේ ජනප්‍රියත්වයට බලපානවද?
යුග බිහිවෙන එක හොඳයි. ඊටත් වඩා සංකලනයක් තියෙනවා නම් සිනමාව තවතවත් දියුණු වෙයි. මොකද විජය – මාලිනී යුග වගේ යුගයක් අද නෑනේ.

උදාරිත් රූ රැජිනක්නේ. අද ඒ වගේ තරඟ ගොඩක් තියෙන එක හොඳ දෙයක්ද?
මෙහෙමයි අද තරඟ ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකන් ටයිටල් එකෙන්ම කරන හැම පැජන්ට් එකක්ම රටට වටින්නේ නෑ. අද තියෙන ඒ පැජන්ට් අවුරුදු කුමාරි තරඟ වගේ. ඒවායේ මිස් වර්ල්ඩ් හෝ මිසිස් වර්ල්ඩ් කියන කැටගරි නෑ.

ඉන්දියාවේ එහෙම තරඟ දිනපු අය ජාත්‍යන්තරයේ රංගනයට පවා යනවානේ?
ගායකයන්ටනම් ජාත්‍යන්තරයට යන්න ලේසියි. ඒත් කිරුළ තිබ්බ පළියට රංගන ශිල්පිණියකට වෙනත් රටක රඟපාන්න ලැබෙන්නේ නැහැ.

පසුගිය දවසක අධ්‍යක්ෂවරයෙක්, ඔබ එක ළඟ ඉන්න පින්තූරයක් ගොසිප් වෙබ් අඩවියක මඩ ගහන්න දාලා තිබ්බා නේද?
ඔය ගොසිප් සයිට් අපි ෂූට් එක ඉවරවෙලා මහන්සියට ඇඳක නිදාගෙන ඉන්න පින්තූරයක් දාලා කාත් එක්ක හරි සමීප සම්බන්ධ බව කියනවා.

ඉතින් ඔහොම පින්තූර එළියට දෙන්නේ ඩ්‍රාමා එකේ පින්තූර ගන්න කැමරා ශිල්පියා නේද?
ඔව් ස්ටිල් ෆොටෝග්‍රැපර්ස්ලා පින්තූර ටික ගොසිප් සයිට් කන අයට විකුණනවා. සල්ලිවලට අද ඕනෑම දෙයක් කරන අයනේ ඉන්නේ. සමහරවිට නාට්‍ය අධ්‍යක්ෂ මේවා දන්නේ නෑ.

උදාරිගේ පුංචි දුව ගැනත් කියමු නේද?
ඔව්. ශෙනාරිට දැන් අවුරුදු පහක් වෙනවා. එයා ලබන මාසේ ඉස්කෝලේ යනවා.

උපුටා ගැනීමකි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""සල්ලිවලට ඕනෑම දෙයක් කරන අය" - ශූටින් ගිහිං ඇඳේදි වෙන වැඩක් ගැන උදාරිගෙන් එළියට..."

    Post a Comment