03 August, 2017

කාම්බෝජයේ ඇන්කෝර් වැට්‌හි වැළලී තිබූ අඩි 6 ක්‌ උස විශාල ප්‍රතිමාවක්‌ හමුවෙයි

Statua w Angkor Wat

කාම්බෝජයේ ඇන්කෝර් වැට්‌හි පැරැණි රෝහලක්‌ පිහිටි ස්‌ථානයේ කැනීම් කටයුතු කළ ගවේෂකයන් පිරිසක්‌ අඩි 6 යි අඟල් 3 ක්‌ උසැති ප්‍රතිමාවක්‌ සොයාගෙන ඇත. 

මෙම ප්‍රතිමාව ජයරාමන් රජු සමයේ ඉදිවූවක්‌ බවට විශ්වාස කෙරේ. මෙම රෝහලේ භාරකාරයා ලෙස එම ප්‍රතිමාව හැඳින්වෙන බවද ගවේෂකයෝ හෙළිකර ඇත.

අටවැනි සහ නවවැනි සියවසට අයත් මෙම ප්‍රතිමාව මෙතෙක්‌ කාම්බෝජය තුළ හමුවූ විශාලතම ප්‍රතිමාව වේ. 

මේ ප්‍රතිමාවේ දෑත් සහ පාද මෙතෙක්‌ සොයාගෙන නැත. 

එය සොයාගනු ලැබුවේ අඟල් 16 ක්‌ පොළව යට වැළලී තිබියදී බව ගවේෂක කණ්‌ඩායමේ ප්‍රකාශකයෙක්‌ හෙළි කළේය. (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කාම්බෝජයේ ඇන්කෝර් වැට්‌හි වැළලී තිබූ අඩි 6 ක්‌ උස විශාල ප්‍රතිමාවක්‌ හමුවෙයි"

    Post a Comment