04 August, 2017

ළඟදි බැඳපු සචිත් පීරිස් බිරිඳ සහ අරක්කු සිකරට් ගැන නාමල් සම්බන්ධ කරලා කියපු අමුතු කතාව

Sachith Pieris - Wife - Namal Rajapakse

සචිත් පීරිස් කියන්නේ වර්තමානයේ ඉතා දක්ෂ ගීත නිර්මාණ ශිල්පියෙක්. සචිත් පහුගිය අගොස්තු පළමුවැනිදා යුග දිවියට එළඹුනා.හැබැයි සචිත්ගේ ‍මංගල ඡයාරූපවත් කාටවත් දැකගන්න හම්බුනේ නැහැ. සමාන්‍යයෙන් අනෙක් කලාකරුවෝ විවාහ වෙද්දි මහ ඉහළින් විවාහ මංගල උත්සව ගන්නවා අපි දැකලා තියනවා. ඒත් සචිත්ගේ මංගල ඡායාරූපයවත් පේන්න නැත්තේ ඇයි?මේක සචිත්ගේ රසිකයින්ට විතරක් නෙමෙයි යාලුවෝ, ලඟම හිතවත් අය, නෑදැයන්ට පවා ප්‍රශ්ණයක් වෙලා තිබුණා.

මේ හැමදේටම පිළිතුරු බඳිමින් සචිත් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකරලා තිබුණා..වෙඩින් ෆොටෝ එකක් දාන්න වෙඩින් ෆොටෝ එකක් ගත්තේ නෑ කියලත්, විවාහයට වෙන් කරලා තිබුණ සල්ලි වලින් පුංචියට රෙජිස්ට්‍රේෂන් එකක් කළා කියලත් සචිත් මෙහිදී කියලා තිබුණා.. ඒ විතරක් නෙමෙයි වෙඩින් එකකට මුදල් නාස්ති නොකර ඒ සල්ලි වලින් මොකද කරන්නේ කියලත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ගැනත් සචිත් මෙහිදී කියලා තිබුණා...මේ එම සටහනයි...

‘‘සුභ පතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි !
විශේෂ දෙයක් කියන්න තියනවා,

ගොඩක් දෙනා මගෙන් ඇහුවා wedding photo එක දාන්න කියලා.මගේ යාලුවෝ, ලඟම හිතවත් අය, නෑදැයෝ ඇහුවා අපිට wedding එක කිව්වේ නෑ නේ, අපිට Party එකක් ඕන වගේ දේවල්. එතකොට තවත් සමහර අය මගෙන් ඇහුවා අයි නාමල් රාජපක්ෂට කතා කරේ, අැයි එයා එක්ක photo එකක් දැම්මේ ඔයාට හොඳ නෑ නේද කියලාමේ හැම දේකටම මම උත්තර දෙන්නම්. Wedding photo එකක් දාන්න අපි wedding photo එකක් ගත්තේ නෑ, Pre Shoot එකක් කරේ නෑ. අද දාපු photo එකත් මගේ camera එකෙන් මගේ හිතවත් මල්ලි කෙනෙක් ගත්ත එකක්. 

Wedding එක කිව්වේ නැති හේතුව,

අපි wedding එකට වෙන් කල සල්ලි වලින් බොහොම පොඩි මුදලකින් අපේ Registration එක විතරක් කරා. පව්ලේ අයයි හැම වෙලාවේම ලඟින් හිටිය යාලුවෝ 4 දෙකුටයි විතරයි කිව්වේ. මමත් මගේ wife උත් දෙන්නම මස් මාළු බිත්තර කිසි දෙයක් කන්නේ නෑ සහ මත් පැන් සිගරට් බොන්නේ නෑ. ඉතින් wedding එකක් කරොත් එන අයට ඒවා දෙන්න වෙන්නෙත් නෑ.

අනිත් එක අපි දෙන්නට ආරාධනා කරන්න සැහෙන පිරිසක් ඉන්නවා. ඉතින් එච්චර ලොකු මුදලක් එක දවසකට නාස්ති කරන්නේ නැතුව ඉතුරු සේරම මුදල් වලින් දුප්පත් පවුලකට ගෙයක් හදලා දෙන්න අපි තීරණය කරා. එකේ වැඩ ඉක්මනින්ම පටන් ගන්නවා හැබැයි ඉවර උනාම ඒවගේ photos දාලා ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්නේවත්. ඒ අයට උදව් කරා කියලා Publicly ගන්නවත් අපිට අදහසක් නෑ. එහෙම කරන්නෙත් නෑ.

නාමල් රාජපක්ෂයි, අරවින්ද ලොකුගේ නැත්නම් (Dj ආරා) තමයි අපිට සාක්ෂි අත්සන් කරේ. එකටත් හේතු ගොඩක් තියනවා. නාමල් මගේ පොඩි කලේ ඉඳන් යාළුවා. එයා නිසා තමයි මම අරක්කු සිගරට් කිසි දෙයක් බොන්නේ නැත්තේ. ඉස්කෝලේ යන කාලෙම අපි ඕවට යොමු වෙනකොට, test karanna හදනකොට ඒවා වැරදයි කියලා හොඳ මගට ගත්තේ එයයි. අනිත් එක එයා තමයි මගේ wifeට මාව ගැලපෙනවා කියලා මාව marry කරන්න කියලා මුල්ම කපු කම කරේ. අරවින්ද අයියා ගැන කියනවා නම් සෑහෙන ගොඩක් දේවල් තියනවා තියනවා.

ඉතින් ලොකු ඉල්ලිමක් තියනවා කරන්න. පුළුවන් නම් ලොකු weddings ගන්නේ නැතුව සාමන්‍ය විදිහට කරලා එ්කට වෙන් කරපු සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට උදව් කරන්න. පුළුවන් උපරිම විදිහට. ඒක පුළුවන් නම් Trend එකක් කරගන්න. එතකොට මේ පුංච් රටේ නැති බැරි අය ගොඩකට හොඳක් වෙයි. ස්තූතියි............,‘‘ - "සචිත් පීරිස්"

Sachith Pieris - Namal Rajapakse
Sachith Pieris - Wife

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ළඟදි බැඳපු සචිත් පීරිස් බිරිඳ සහ අරක්කු සිකරට් ගැන නාමල් සම්බන්ධ කරලා කියපු අමුතු කතාව "

    Post a Comment