14 August, 2017

ෆේස්බුක් එකෙන් අවුරුදු 40 ට වැඩි අක්කලා හොයපු මල්ලිට වුණ දේ

facebook-cheater
FilePhoto
තවත් ෆේස්බුක් වංචාකරුවෙකු නීතියේ රැහැනට කොටු කර ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට හැකිවී තිබෙනවා.

මෙම පුද්ගලයා ෆේස්බුක් මාර්ගයෙන් අවුරුදු 40ට වැඩි කාන්තාවන් විවාහ කරගන්නා බවට පණිවිඩ මගින් දැනුම් දෙන අයෙකු බවටයි අනාවරණය වෙලා තියෙන්නේ.

මෙම පුද්ගලයා 32 වන වියේ පසුවන අයෙක් අතර රත්නපුර නිවිතිගල ප්‍ර දේශයේ පදිංචි අයෙකු බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදීයි .

තමන් රාජ්‍ය ආයතනයක සේවය කරන බව පවසා අවුරුද් 40ට වැඩි කාන්තාවන් රැසක් මොහු මුලා කර තිබෙනවා.

රැකියාවට නොයන දවස්වල ඔහු මෙම ෆේස්බුක් වංචාව සිදු කරන අතර අවුරුදු 40කට වැඩි කාන්තාවන් විවාහ කරගන්නා බවට ෆේස්බුක් ඔස්සේ පොරොන්දු දී තිබෙනවා.

ඔවුන් හමුවීමට ගොස් රන් ආභරණ, ජංගම දුරකතන ආදිය සොරකම් කරගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ලක්ෂ 05ක් පමණ වටිනා රන් ආභරණ සහ ජංගම දුරකතන ප්‍රමාණයක්ද හමුවී තිබෙනවා.

දෙහිවල, ගල්කිස්ස ආදී ප්‍රදේශවල කාන්තාවන් රැසක් මෙලෙස මුලාවී ඇති බවටත් වාර්තා වනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆේස්බුක් එකෙන් අවුරුදු 40 ට වැඩි අක්කලා හොයපු මල්ලිට වුණ දේ "

    Post a Comment