අයියෝ මෙහෙව් රටේ ක්‍රිකට් කොමිටලේට මාර අබුද්දස්ස කාලයක් ලබල තියෙද්දි අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියල ඇතුළෙ එවුන් කෑ ගහනවා. මොකෑ වුණත් ගහන ගහන තුරුම්පුවත් රුයිතෙටම නොවැ කරකැවෙන්නෙ. ඒ අස්සෙ කොමිටලේ ඩිස්කෝ රූයි කෙහෙල් ගහට කොටල හොට පටලවගෙන. මේවා දකින කොට කොමිටලේ ජිල්මාට් නිකන්ම එළියට එනවා නොවෑ.
තෙවැනි විනිසුරුට මේ දවස්වල සෙල්ලමේ අනිත් ගොසිප් කෙසේ වෙතත් රට්ටු හූ කියන කොමිටලේ වැඩ ගැන තමා වැඩියෙන්ම සර්ච් කොරන්නෙ. ඔලිම්පි හවුස් එකේ සෙල්ෆිස් ගේම් තිබුණත් කොමිටලේ ගේම් ඊටත් වඩා රට්ටුන්ට මාර ෆන් එකක් නොවැ දෙන්නෙ.
දඹුලු ගල රත්වෙලා තියෙද්දී මෙහෙව් රටේ ක්‍රිකටර්ස්ලා පොඩි එවුන් වගේ මැදට ගිහිල්ලා කරපු වි-ජුම්බරයට එදා ගේම් එක එන්ජෝයි කොරන්ඩ ආපු චියරින් බෝයිස්ලට නහුතෙටම තද වෙලා දුන්නා ඇට්ටි හැළෙන්න. ඊට පස්සෙ කැන්ඩිවල ගේම් එකට යන කොට ඩිස්කො රූයි කියල ලේඩි කෙනෙක් මිරිඩියා කොම්පරස් එකට කඩා වැදිලා දුන්නු ෆන් එකෙන් කොමිටලේම ඉල්ලන් කාලා වගේ තියෙන්නෙ. එයාව කොන්ට්රොaල් කොරන්ඩ කාටවත් බැරිලු. මොකද ලොක්කොත් ඉතිං මේ ඩිස්කො රූයිගෙ මායම්වලට නෝ කතා නෝ සිනාලු.
කෝකටත් තෙවැනි විනිසුරු පේපර් එකේ දැක්ක මේ නිව්ස් එක පලව් කොරල ආටා මල්ලිව මුරිච්චි වුණා. ආටා මල්ලිත් මේ ඩිස්කො රූයි ගැන දන්නවා නොවැ. ඒ හින්ද තෙවැනි විනිසුරු ආටා මල්ලිව මුරිච්චි වුණා.
'ගුඩ් මෝර්නින් ආටා මල්ලි. මාර නිව්ස් එකක් ෆලව් කොරල තමයි මම ඔයා ගාවට ආවේ.' 'ආ...එන්ඩ සෑර් මම දන්නව ඔය විස්කි නිව්ස් එක.'
'මොන විස්කි නිව්ස් එකක් ද ආටා මල්ලි. මම ආවේ අර ඩිස්කො රූයිගෙ මිරිඩියා ෂෝ එක ගැන සර්ච් කොරන්ඩ.'
'ඒක තමා සෑර් මමත් කිව්වෙ. එයා ඉතිං ඩිස්කෝ විස්කි සැ..ක්සි සෙල්ෆි ඔක්කොම කොරන ලේඩි නොවෑ.'
'ඇත්තටම මොකක්ද ආටා මල්ලි මෙතන වෙලා තියෙන්නෙ. ඔය ඩිස්කො රූයි කොහෙන් කඩා පාත් වුණ එකියක්ද ආ...'
'සෑර් කියන්නෙ එයා කොමිටලේට ආවේ වෙන ජොබ්ස් එකකට. සෙවන්ටි ෆයිව් තවුසන්ට් වගේ හිච්චි
පඩියකට. දැන් ඉතිං මේ ඩිස්කො රූයිගේ ගාන ටූ හන්ඩර් ෆයිව් තවුසන්ට් වෙනකම් නැගල කියල තමා ආරංචි. ඉතිං එහෙව් එකේ එකී හැම තැනටම කොට කොටා ගිහිං මිරිඩියා එකටත් කොටන්ඩ ගිහිං සෑර්.'
'අනේ ආටා මල්ලි විකාර දොඩවන්නෙ නැතිව කියන මල ඉලව්වක් වටින් ගොඩින් නැතිව කියනවකෝ මටත් මල පැනල ඉන්නෙ මේ නිව්ස් එක හරියට සර්ච් කොරගන්ඩ බැරිව.'
'හරි හරි සෑර්. ඔය ඩිස්කො රූයිගෙ ජොබ්ස් එක ගැන තමා මම වටින් ගොඩින් කිව්වෙ. මේ ඩිස්කෝ රූයිව කොමිටලේ එවුන් ඩිවෝස් කොරන්නෙ නැතිව හුරතල් කොරන්ඩ ගිහිං තමා සැට් එකම ඇදගෙන නාගන්නෙ. කැන්ඩිවල තිබුණ සකන්ඩ් ගේම් එකට ඉස්සර වෙලා තිබුණ මිරිඩියා කොම්පරස් එකට මේ උන්දෑ කඩා පැනලා. ඒ මිරිඩියා එක කොරන කොමිටලේ මිරිඩියා මැනේජර්ට ටෝක්ස් කොරල තරා කැප්ටන්ගෙයි පෝතා කෝච්ගෙයි කොම්පර්ස් එකේ පුරස්න හතරකට වඩා අහන්න දෙන්න එපා කියල මෙකී බකට් එකක් දාලා.'
'ඉතිං ඉතිං... ආටා මල්ලි මේ ඩිස්කො රූයිත් අර ඉස්සර හිටිය කිරිල්ලි වගේ එකියක්ද.'
'ඔව් සෑර්. ඒ කිරිල්ලි ගියාට පස්සෙ මෙයා තමයි කොමිටලේ ඉන්න හුරතල් කිරිල්ලි. ලක්ෂ ගණන් කොමිටලෙන් මනී අරන් මෙයා කොරන වැඩේ තමයි ලොක්කන්ව චූන් කොරන එක. මිරිඩියා කස්ටියට පුරස්න අහන්න තියෙන කොම්පරස් එකේ පුරස්න හතරකට වැඩේ ඉවර කොරල මෙයා පොර වෙලා ලොක්කන්ගෙන් තවත් ලකුණු දාගෙන උඩ ඉගිලෙන්න තමා හදල තියෙන්නෙ.'
'කොහොමින් කොහොම හරි එතන හිටපු මිරිඩියා මෑන්ස්ලට එදා නහුතෙටම තද වෙලා. කොමිටලේට තවත් බ්ලැක් මාර්ක් එකක් පේපර් එකේ දාගන්න පුළුවන් වුණේ මේ උන්දැ නිසානේ. සුමැටි ලොක්කම ගෙනාපු මිරිඩියා මෑන්ට කොම්පරස් එක යන අතරෙත් මේ ඩිස්කො රූයි ගොලු භාෂාවෙන් ඉවර කොරන්ඩ ඉවර කොරන්ඩ කියල බකට් දාලා. මිරිඩියා මෑන් ඒක ඉවර නොකර නිසා ඩිස්කො රූයි දිනේව ගෙනල්ලා ටෝක්ස් කොරල. අම්මප මුන් හිතන්නෙ කොමිටලේ කියන්නෙ මුන්ගෙ අම්ම අප්පගෙ බූදලේ කියල ද දන්නෙ නෑ.'
'ආටා මල්ලි මගෙ කටට එනව මේ වගේ එකියන්ට කියන්න හොඳ දේවල්. ඉතිං මම කිව්ව කියල හිතා ගන්ඩකෝ. මොකෑ කොරන්ඩත් කොමිටලේ ඉන්න මැඩි හෙඩ් වලට මේව නොපෙනෙන එකම තමා කරුමෙ. ඒක තමා දැන් මේ ලොස්ට් වෙන්නෙත්. මේ ඉතිං එකක් නොවෑ. තවත් කොච්චර ජිල් මාට් කියල ඇතුළෙ ඇද්ද අප්පා. අයියෝ අපේ යසට තිබුණ ක්‍රිකට් ෆන් එක දැන් බොයිල් කොරපු හැටි. එහෙනම් ආටා මල්ලි මම ගිහින් එන්නම් සියූ.' කියල තෙවැනි විනිසුරු යන්ට ගියා.
අවි (දිවයින)

Share this
|
|
0 Comment to "කොමිටලේ ඩිස්කො රූයි හොට පටලවාගෙන"
Post a Comment