18 July, 2017

උදේ අළුත් පෙම්වතා එක්ක - හවස පරණ පෙම්වතා එක්ක රූම් ගිය කෙල්ලගේ නැන්දා යාළුවත් එක්ක පැනල ගිහින්

Rape-School Girl-02

උදේ වරුවේ අළුත් පෙම්වතා අතින් හෝටල් කාමරයකදී අපයෝජනය වෙලා.

හවස් වරුවේ පැරණි පෙම්වා අතින් හෝටල් කාමරයකදී අපයෝජනය වෙලා.

දැරියගේ භාරකාර විවාහක නැන්දනිය පැරණි පෙම්වතාගේ යහළුවත් සමඟ පලාගොස්.

එකම දිනක දී පෙම්වතුන් දෙදෙනෙකුගෙන් ලිංගික අපයෝජනයට ලක්වූ 14 හැවිරිදි පෙම්වතියක් ගැන ගම්පොල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දී වාර්තා වුනා.

ගම්පොල කහවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවිය පාසල් නිල ඇඳුම පොදු බස්‌ නැවතුම්පළ වැසිකිළියේදී මාරුකොට අවස්ථා දෙකකදී පෙම්වතුන් දෙදෙනා සමග හෝටල් කාමරයකට හා ලැගුම් හලකට ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.

එකම දිනකදී පුස්‌සැල්ලාව හෝටල් කාමරයකදී එක්‌ පෙම්වතකු ගෙන්ද මාවනැල්ල ලැඟුම්හලකදී තවත් පෙම්වතකුගෙන්ද ඇය අතවරයට ලක්‌ වී ඇති බවයි හෙළි වුයේ.

14 හැවිරිදි පාසල් දැරියගේ එක්‌ පෙම්වතකු ලබන 28 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළා.

දැරිය සිය නැන්දනිය සමඟ පේරාදෙණිය ප්‍රදේශයේ විහාරස්‌ථානයකට යමින් සිටියදී හඳුනාගත් පෙම්වතා සමඟ මෙසේ උදය වරුවේ පුස්‌සැල්ලාව හෝටල් කාමරයකට ගොස්‌ තිබෙනවා.

බදුල්ල හාලිඇල ප්‍රදේශයේ විවාහකයකු වන මොහු හමුදා සෙබළෙක්‌ වන අතර, දූෂණය කිරීමෙන් අනතුරුව දැරියට නිවසට යන ලෙස දන්වා ඔහු බදුල්ලට ගොස්‌ ඇතැයි අනාවරණ වුනා.

පසුව මෙම දැරිය නිවසට එනවා වෙනුවට මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පැරණි පෙම්වතාට දුරකථන ඇමතුමක්‌ දී ගෙන්වා ගෙන ඔහු සමඟ සවස ගොස්‌ මාවනැල්ල ලැඟුම්හලක කාලය ගත කර තිබෙනවා.

මෙම දැරිය සමඟ සිටි 25 හැවිරිදි නැන්දනියද පේරාදෙණිය විහාරස්‌ථානයේදී දැරියගේ බදුල්ල පෙම්වතාගේ මිතුරා සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගෙන ඔහු සමඟ පැන ගොස්‌ ඇතැයි හෙළි වුනා.

එක්‌ දරු මවක්‌ වන ඇයගේ සැමියා මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත පැමිණිලි කළා.

දැරිය පිළිබඳ ගම්පොල පොලිසිය වෙත පැමිණිලි ලැබීම නිසා කෑගල්ලේ සිටි පෙම්වතා මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුනා.

ඇය පුස්‌සැල්ලාව හෝටල් කාමරයේදී අතවරයට ලක්‌ වී තිබීම නිසා පුස්‌සැල්ලාව පොලිසිය පරීක්‌ෂණ පවත්වා බදුල්ල හාලිඇල ප්‍රදේශයේ පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උදේ අළුත් පෙම්වතා එක්ක - හවස පරණ පෙම්වතා එක්ක රූම් ගිය කෙල්ලගේ නැන්දා යාළුවත් එක්ක පැනල ගිහින්"

    Post a Comment