10 July, 2017

පලවෙනි තරඟයේ කඩුලු ත්‍රිත්වය ගන්න හැට්‍රික් රජු දුන් ඔවදන

Wanidu Hasaranga - Malinga

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුපිරි තරු දායාද කල ගාල්ල ප්‍රදේශයෙන් ක්‍රිකට් පිටියට පැමිණි වනිඳු හසරංග තම පළමු තරඟයට සහභාගී වෙද්දී ඒ තරඟයේ පන්දු බලඇණියේ ප්‍රබලයා වුනේ තවත් ගාලු තරුවක් ඔහු තමයි ලසිත් මාලිංග.

වනිදු මේ තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් ගන්න සමත් වුනා.

එම කඩුලු ත්‍රිත්වය සටහන් වූයේ ලොව පළමු තරගයේදීම කඩුලු ත්‍රිත්වයක්‌ දවාගත් තෙවැනි අවස්‌ථාව වශයෙන් සහ එම දස්‌කම දැක්‌වූ ලාබාලතම ක්‍රිකට්‌ ක්‍රීඩකයා ලෙසයි.

ඒ සම්බන්ධයෙන් ඔහු දිවයින සමග කළ සාකච්ඡාවකින් උපුටා ගත් කොටසක් පහතින් දැක්වෙනවා.

මෙච්චර ඉක්‌මනට ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට එන්න ලැබෙයි කියලා හිතුවාද?

මෙච්චර ඉක්‌මනට චාන්ස්‌ එක ලැබෙයි කියලා හිතුනේ නෑ. ඒත් පුළුවන් තරම් ඉක්‌මනට ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරනවා කියලා හිතාගෙන හිටියේ.

අම්මා, තාත්තා රැකියාවක්‌ කරනවද?


තාත්තා ශ්‍රී ලංකා පොලිසියේ වැඩ කරන්නේ. අම්මා රැකියාවක්‌ කරන්නේ නෑ.

උසස්‌ පෙළට මොනවද කළේ?

උසස්‌ පෙළ කළේ කලා අංශයෙන්. ඒත් උසස්‌ පෙළ විභාගයට ඉන්න බැරි වුණා.

ඒ ඇයි?

ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ පිලත් එක්‌ක ටුවර් එකක්‌ ගිහින් හිටියේ.

එදා පළමු කඩුලු දෙක ගත්තට පස්‌සේ නායකයා පන්දු රකින්නන්ව ළඟට අරන් උපරිම සහය දෙනවා කඩුලු ත්‍රිත්වය ගන්න?

ඔව්. ඒ විතරක්‌ නෙමෙයි ඇන්ජි අයියා, උපුල් අයියා, මාලි අයියා ඇවිත් මට උපදෙස්‌ දුන්නා.

ඒ වෙලාවේ ලසිත් මාලිංග මොනවද කිව්වේ ඇවිත්?

මාලි අයියා ඇවිත් මාව මොරාල් කළා. මල්ලි හොඳටම දාපන්. මේ වගේ චාන්ස්‌ එන්නෑ ආයිත්. ඒ නිසා උඹට පුළුවන් හොඳටම දාපන් කිව්වා.

එතකොට ඇන්ජලෝ?

ඇන්ජි අයියා කිව්වා. මල්ලි විකට්‌ එක පුළුවන්. කලින් දාපු තැනටම බෝලේ වට්‌ටන්න කියලා.

වනිදු හසරංග ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ නොවුණානම්?

ඒ ගැන නම් හිතාගන්න අමාරුයි.

Wanidu Hasaranga - 03

Wanidu Hasaranga - 02

Angelo Mathews-07

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පලවෙනි තරඟයේ කඩුලු ත්‍රිත්වය ගන්න හැට්‍රික් රජු දුන් ඔවදන"

    Post a Comment