19 July, 2017

8 වැනි වරටත් විම්බල්ඩන් අයිතිය ෆෙඩෙරර්ට

Roger Federer wins Wimbledon 8th

අටවැනි වරටත් විම්බල්ඩන් ටෙනිස්‌ කිරුළ තමන් සතුකරගත් ස්‌විට්‌සර්ලන්තයේ රොජර් ෆෙඩෙරර් අදාළ අවසන් මහා තරගයෙන් ක්‍රොයේෂියාවේ මරින් සිලික්‌ව තරග වට 3-0 කින් පරාජයට පත්කරනු ලැබීය.

ඒ අනුව පළමු වටයේදී 6-3 ක ජයක්‌ වාර්තා කරගත් රොජර් එම දෙවැනි හා තෙවැනි වටයන් පිළිවෙළින් 6-1 ක්‌ හා 6-4 ක්‌ ලෙසින් ජය වාර්තාකර ගැණින.

අටවරක්‌ විම්බල්ඩන් කිරුළ දිනාගත් එකම ක්‍රීඩකයා බවට රොජර් ඉතිහාසයට එක්‌වූ අතර ඒත් සමග ඔහු විසින් දිනාගත් ග්‍රෑන්ඩ්ස්‌ලෑම් ශූරතා ගණන 19ක්‌ බවට පත්විය.

කෙසේ නමුත් රොජර් ෆෙඩෙරර් 2012 වසරෙන් පසුව විම්බල්ඩන් කිරුළක්‌ තමන් සතුකරගත් පළමු අවස්‌ථාව වශයෙන් මෙය සටහන් විය. (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "8 වැනි වරටත් විම්බල්ඩන් අයිතිය ෆෙඩෙරර්ට"

    Post a Comment