19 July, 2017

විදුලි මෝටර් රථ ගන්න අයට රජයෙන් මුදල් ගෙවනවා

volkswagen-new-electric-car-2

2019 වසරේ සිට Volvo සමාගම මුළුමනින්ම විද්‍යුත් ධාවන පද්ධතියක් තිබෙන මෝටර් රථ පමණක් නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජයේ කමිටු සාමාජික, මහිසංඛ අබේවික්‍රම මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසන ලදී .

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට ලෝක ප්‍රවණතාවය විදුලි මෝටර් රථ බවත්, සංවර්ධිත රටවල රජයයන් විසින් විදුලි මෝටර් රථ මිල දී ගන්නන් හට මිලෙන් 1/3 ක් හෝ 2/3 ක් වැනි මුදලක් ගෙවනු ලබන බවයි.

තවද විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව මහිසංඛ අබේවික්‍රම මහතා මෙහිදී කියා සිටියේය.

මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.



(derana)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විදුලි මෝටර් රථ ගන්න අයට රජයෙන් මුදල් ගෙවනවා"

    Post a Comment