13 July, 2017

දඟකාරකම් මට්ටුකරන රොබෝවෙක්

robot dogs

බල්ලන්, පූසන් ඇතුළු සුරතල් සතුන් සහ කුඩා දරුවන් දඟකාරකම්වල යෙදෙන්නේ නම් ඔවුන් හඳුනාගෙන ඉන් වැළකෙන ලෙස පවසන රොබෝවකු මේෆීල්ඞ් රොබෝටික්ස් සමාගම නිපදවා තිබේ.

මෙම රොබෝවා ‘කුරී‘ ලෙස හැඳින්වෙන අතර පුද්ගලයකුගේ දණහිස තරමට උසින් යුක්තය. රෝද වෙනුවට විශේෂිතව සැකසූ පටියකින් මොහු ගමන් කරන අතර රළු සහ සිනිඳු නිමැවුම්වලින් ගමන්කිරීමට එය පහසුවක් වේ.

ඉතා උසස් කැමරාවක් මෙම රොබෝවාට ස්ථාපිත කර ඇති අතර ඡායාරූප, වීඩියෝ සහ සජීවීව නැරැඹීමේ හැකියාවද තිබේ. කුරී ට තම හිස වමට සහ දකුණට කරකැවීම සහ හිස ඉහළට සහ පහළට ඇල කර බැලීමේ හැකියාවද ඔහු සතුය.

තම දරුවන් සහ පවුලේ සමාජිකයන් පිළිබඳ තොරතුරු කුරී හා සම්බන්ධ කෙරෙන ස්මාර්ට් ජංගම දුරකතනයකින් පරිශීලකයාට නැරැඹිය හැකිය. මෙම රොබෝවා ලබන දෙසැම්බරයේ ඩොලර් 699 ක මිලකට ඇමෙරිකානු වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය.

පුවත්පත් ඇසුරිනි (vidathanet)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දඟකාරකම් මට්ටුකරන රොබෝවෙක්"

    Post a Comment