04 July, 2017

රජ කාලෙන් පැමිණි ආත්මීය ප්‍රේමයක් ප්‍රදීප්ට මුණගැහිලා

Pradeep Rangana - 2017-07-04_20-12-36

කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. වෛද්‍ය වෘත්තියේ වැඩයි, මියුසික් වැඩයි දෙකම කරගෙන ඉන්නවා.

අලුත් වෙනසකුත් මේ දවස්වල රසිකයෝ අතරට ගෙනත්නේ?

ඔව්, 'ඔබගෙන් තරම්' ගීතය තමයි මේ දවස්වල මගේ මියුසික්වල තියෙන ලොකුම දෙය සහ ලොකුම වෙනස. මට වඩා මගේ ප්‍රේක්ෂකයො මේ ගීතයේ ලොකු වෙනසක් දකිනවා.

වෙනස් ගීතයක් කරන්න හිතුවේ ඇයි?

මේ ජධදජඥනබ එක කලින් හිතලා තිබුණේ නැහැ. මම නිතරම උත්සහ කරන්නෙ මගේ ගීතවලින් වෙනසක් කරන්න. අද ඇහෙන ගීතවලින් බහුතරයක තියෙන්නෙ විරහව. විරහව නරක නැහැ. විරහ ගීත තියෙන්න ඕන. ඒත් මට ඕන වුණේ මේ යන රැල්ලෙන් මිදිලා වෙනස් දෙයක් කරන්න.

මේ වෙනස ප්‍රේක්ෂකයන්ට කොහොම දැනෙයිද?

ප්‍රේක්ෂකයන් ගොඩක් ඉල්ලන දෙයක් තමයි මේ යන රැල්ලෙන් වෙනස් වෙලා ගීතයක් දෙන්න කියන එක. මෙහෙමයි රැල්ලෙන් වෙනස් වෙලා කියලා වෙනම විදියක මියුසික් ස්ටයිල්වල ගීත කරනවා කියන එකම නෙවෙයි කරන්න ඕන. සාමාන්‍ය ජනතාවටත් දැනෙන්න ඕන අපි කරන ගීත.

ආත්මීය ප්‍රේමණීය බැඳීමක් වීඩියෝවකට අරගෙන එන්න හිතුවේ?

මට ඕන වුණා හැමකෙනාටම සම්බන්ධ ජධදජඥනබ එකක් කරන්න. අපේ සංස්කෘතියත් එක්ක අපිට විශ්වාසයක් තියෙනවා අපේ සියලුම බැඳීම් ආත්මීය බැඳීම් කියලා. ආදරවන්තයන් අතර විතරක් නෙමෙයි මවුපියන්, සහෝදරයන් අතර වුණත් මේ ආත්මීය බැඳීම තියෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ගැන හිතලා තමයි ආත්මීය ප්‍රේමයක් ගැන කියවෙන්න වීඩියෝව කරන්න හිතුවේ.

මේ ආත්මීය බැඳීම ප්‍රදීප්ගේ ජීවිතයටත් සම්බන්ධයි නේද?

මේ ගීතය නිර්මාණය කළේ අපේ ර්ථීපඥ ඵඩධධබ එකට. ඊට පස්සෙ මට හිතුණා මේක ආත්මීය ගීතයක් වුණොත් හොඳයි කියලා. පස්සෙ මේකෙ මියුසික් වෙනස් කරලා රජ කාලෙටත් සම්බන්ධ කරලා ගීතය නිර්මාණය කළා. ඒකට මට උදවු කරන්නේ සන්දේශ්. සන්දේශ්ටයි මේ වැඩේට උදවු කරපු හැමෝටමයි මම ස්තූති කරන්න ඕනෙ.

කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ගොඩක් හොඳයි. මම හිතන්නෙ පෙම් සිහිනය ගීතයටවත් මෙච්චර ප්‍රතිචාර ලැබුණෙ නැහැ. චැනල්ස්වලට දෙන්නත් කලින් එක්ලක්‍ෂ විසිදාහක් විතර දැනටමත් මඪඥඹඵ තියෙනවා.

පෙම් සිහිනේ, මායාවී ගීතවලට වඩා මේ ගීතය ජනප්‍රිය වෙයිද?

ඒක කියන්න බැහැ. ඒ තීරණය තියෙන්නෙ ප්‍රේක්ෂකයන් අතේ. මායාවී ගීතයෙන් තරුණ පරම්පරාවට ආදර්ශයක් දෙනවා. හුඟක් අය ආදරයෙන් පැරැදුණාම ජීවිතය නැති කරගන්න පෙලඹෙනවා. නැත්නම් තමන්ට ඒ දේ කරපු කෙනාට හානි කරන්න හදනවා. වෛද්‍යවරයෙක් විදියට මට ඒ අත්දැකීම තියෙනවා. එහෙම අය මං ළඟට ඇවිත් තියෙනවා. එහෙම ආපු කීප දෙනෙක් කියලා තියෙනවා ඒ ගීතය නිසා ජීවිතේ වෙනස් කර ගත්තා කියලා. ඉතින් මට ඕන වුණේ මායාවී ජනප්‍රිය කරන්න නෙමෙයි. මේ ගීතයත් රසිකයන්ට දැනෙන ප්‍රමාණයට වැලඳ ගනියි.

ප්‍රදීප්ගේ ගීතවල මියුසික් තමන්ම කරන්නේ දන්න දෙයින් වැඩ ගන්න ඕන නිසාද?

සංගීතය ගැන දැනුමක් සහ ඒ ගැන දැනීමක් තිබිය යුතුයි දෙයක් කරන්න. මම හිතන්නෙ මටත් ඒ හැකියාව තියෙනවා. අනික මම කලින් කරපු නිර්මාණ දෙකම සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න එක වරදක් නෑනේ.

ගායකයෙක් විදියට ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙනවා අඩුයි නේද?

ඔව්, ඒක වෙන්නෙ මගේ වෘත්තියත් එක්ක. ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න කාලය හොයාගන්න අපහසුයි. නමුත් පුළුවන් හැම අවස්ථාවකම මගේ රසික රසිකාවියන් වෙනුවෙන් ප්‍රසංගවලට සහභාගි වෙන්න උත්සහ කරනවා.

ප්‍රසංගවලට සහභාගි නොවන්නේ වෛද්‍ය වෘත්තියට මදිපුංචිකමක් වෙයි කියලා නෙවෙයිද?

නැහැ. වෛද්‍යවරයෙක් හා ගායන ශිල්පියෙක් කියන්නෙ දෙන්නෙක්. ගායනයේදී මම වෛද්‍යවරයෙක් කියන චරිතය අමතක කරලා ගායකයෙක් විදියට ඉන්නවා. දෙකම සමබරව කරගෙන යන්න මට ගැටලුවක් නැහැ.

ප්‍රදීප්ට බිරියගෙන් ලොකු ශක්තියක් ලැබෙනවත් ඇති?

ඔව්. බිරිය හිටියෙ නැත්නම් මේ කිසිම දෙයක් මට කරන්න වෙන්නෙ නැහැ. මගේ කාර්යබහුලත්වයත් එක්ක ඇය මට ගොඩක් උදවු කරනවා. මට ප්‍රශ්න ආවම මාව දිරිගන්වන්න ඉන්නෙත් එයා.

පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරගන්න අදහසක් නැද්ද?

තාම නම් නැහැ. බලමු ඉතින් ඉදිරියේදී.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන් (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රජ කාලෙන් පැමිණි ආත්මීය ප්‍රේමයක් ප්‍රදීප්ට මුණගැහිලා "

    Post a Comment