15 July, 2017

රෝසි "හිටපු මන්ත්‍රීනී" වෙනකොට මහින්ද තවම "අතිගරු විධායක ජනාධිපති" වෙන සිහින පිටුව

Rosy senanayake - Mahinda Rajapakse

හිටපු ජනාධිපත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ ඒ මහතා වෙනුවෙන් පලවන පෝස්ට් හි සඳහන් වන අපූරු සටහනක් අපට නිරීක්ෂණය වුනා.

ඒ, එතුමන් හැඳින්වීම සඳහා "හිටපු ජනාධිපති" යන වැකිය කිසිම තැනක සඳහන් නොකොට "අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්" යන වැකිය බොහෝ විට යොදා ගැනීමයි.

මීට අමතරව "පස්වන විධායක ජනාධිපති අතිගරැ මහින්ද රාජපක්ෂ මැතිතුමන්" ලෙස ද බොහෝ අවස්ථාවල යොදාගෙන තිබීම අපට නිරීක්ෂණය වුණා.

මෙහි වඩාත්ම හාස්‍යට ලක්වන කරුණ වනුයේ ජූලි 13 වන දින රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවට එක්කොට ඇති සටහනක්ය.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මැතිණියගේ නැනිදනියගේ අවමංගල්‍යයට සහභාගී වූ අයුරු සටහන්කොට තිබුනේ මෙලෙසයි.

"හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායක මැතිතුමන්ගේ ආදරණීය බිරිඳ වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මැතිනියගේ නැන්දණිය වන මායා සේනානායක මැතිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගී වෙමින්."



මෙහි විශේෂත්වය වනුයේ රෝසි සේනානායක මැතිණිය "හිටපු මන්ත්‍රිනියක්" වග මතක ඇති රාජපක්ෂ මහතාට ඔහු තවමත් "අතිගරු ජනාධිපති" වීමයි.

හිටපු ජනාධිපති තුමන්ගේ ෆෙස්බුක් පිටුවේ එලෙස පලවූ පෝස්ට් කිහිපයක් පහතින්. (ඇත්ත විත්ති)










Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රෝසි "හිටපු මන්ත්‍රීනී" වෙනකොට මහින්ද තවම "අතිගරු විධායක ජනාධිපති" වෙන සිහින පිටුව "

    Post a Comment