19 July, 2017

පෙම්වතාට පයින් එන්නැයි කියා පෙම්වතිය පැහැරගත් ත්‍රී රෝද රථ රියදුරා

girl kidnapped attempt - Rape

අයර්ලන්ත ජාතික තරුණියකු සිය පෙම්වතා සමඟ මෙරටට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරය නිරත වෙමින් සිටියදී කිතල් ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබේ.

එහිදී ඔවුන් ගමන්ගත් ත්‍රී රෝද රථයේ රියදුරා විසින් කඳු සහිත මාර්ගයේ ත්‍රීරෝද රථය ගමන් නොකරන බැවින් මද දුරක් පාගමනින් පැමිණෙන ලෙස විදේශීය තරුණයාට පවසා තිබේ.

එවිට ත්‍රීරෝද රථයේ සිටි විදේශීය කාන්තාව පැහැරගෙන වේගයෙන් ත්‍රීරෝද රථයෙන් පලාගොස් ඇත. විදේශීය තරුණිය පැහැරගත් ත්‍රීරෝද රථය බණ්ඩාරවෙල පුනාගල මාර්ගයේ රාත්‍රීයේ ධාවනය වෙමින් තිබියදී තරුණිය කෑ ගසන ශබ්දය ඇසී එම මග ගමන්ගත් යතුරුපැදි කරුවකු එම ත්‍රී රෝද රථය හඹාගොස් එය නවත්වා ඇතැයි පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී විදේශ තරුණිය ත්‍රී රෝද රථයෙන් එලියට පැන අසල පිහිටි නිවසකට දිවගොස් දිවි බේරාගෙන ඇති අතර ත්‍රී රෝද රථ රියදුරු පලාගොස් තිබේ.

ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෙම්වතාට පයින් එන්නැයි කියා පෙම්වතිය පැහැරගත් ත්‍රී රෝද රථ රියදුරා"

    Post a Comment