05 July, 2017

“ක්‍රිකට් හඳුන්වා නොදුන්නා නම්”- අපුරු ෆේස්බුක් සටහන

Funny Cricketers

ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා නුදුන්නේ නම්……

  • මලීකා සිරිසේන සනත් ජයසූරිය සමඟ යාලු වන්නට හීනෙකින්වත් සිතන්නේවත් නැත.
  • විරාත් කෝලිට වෛර කරන්නන්ගේ ප්‍රතිශතය 3/4 කින් පහත බසී.
  • එවිට ලංකාවට සිටින හොදම ජාත්‍යන්තර ක්‍රීඩා තරුව වන සුසන්තිකා අක්කා සංගාගෙ කීල්ස් ඇඩ් එක,කොකා කෝලා ඇඩ් එක,ඩයලොග් ඇඩ් එක මෙන්ම මැතිව්ස් ගේ මයිලෝ ඇඩ් එකේ ද රඟපානු ඇත..
  • ඇතැම් විට මුරලිගේ හොල්සිම් සිමෙන්ති ඇඩ් එකට සවලක් අතින් රැගත් ඇගේ සැමියා ද ඇය සමග සහභාගි වන්නට ඉඩ තිබුණි.
  • පාසල් වල ක්‍රිකට් බිග් මැච් පැවැත්වෙන්නේද නැත..එවිට පාරේ යන වාහන පෙළපාලි වල ආතල් බැලීමට මෙන්ම මැච් එකේදි වැඩ කිඩ පෙන්වා කෙල්ලෙක් දා ගැනීමට ඇති ඉඩකඩද ඇහිරේ..
  • නං වනං ලියූවන්ගේ ජාතිය අමතා කාන්තා පාසල් වල තාප්ප වල තින්ත ගෑමටද සිදු නොවේ.
  • ලංකාවට චියර් කරන පකිස්ථාන් කොලුවා හුදෙක් ලංකාවට බාස්මතී ගෙන්නන රටේ පුරවැසියෙක් පමණි.
  • චැනල් අයි එක ජාතියේ දමිළ නාලිකාවයි..එය ඇන්ටනාවට අහු
වෙනවාදවත් අපි දන්නෙ නැත.
  • තවද අපි හය (6) හතර (4) නොදන්නා කිරිසප්පයෝම වෙමු.
  • අසේල ගුණරත්න හා අජන්ත මෙන්ඩිස් ආදී හමුදා නිලධාරින් උද්ඝෝෂණයකදී අපිට තඩිබා ගියද අපි නොදන්නෙමු.නොහදුනන්නෙමු.
  • මාලිංග ආදී ලාංකික ක්‍රීඩකයන් නොමැතිව ඇතැම් විට මුම්බායි ඉන්දියන්ස් පිල බංකොලොත් වී මුකේශ් අම්භානි දිල්ලියේ වීදියක “මේ ආදරයයි මුල සිට” ඩීවීඩී විකුණන්නට තිබුණි.
  • ලංකාවේ ක්‍රිකට් පිට්ටනි ඇති තැන්වල කොළඹ නම් ගොඩනැගිලි ද දඹුල්ලේ නම් ලොකු ලූණු වගාවද පල්ලෙ කැලේ නම් කානිවල් එකක් ද සූරියවැව නම් ගංජා හේනක් හෝ තිබෙන්නට ඉඩ තිබුණි.
  • එවිට චාලි ඔස්ටින් යනු ලංකාවට පැමිණ කා බී විනෝද වී යන පස්ස හෝදන් නැති පර සුද්දෙක් පමණි.ඇතැම් විට එවිට ලංකාව වල කජු ගැසීම ,ඔළිද කෙලිය,චග්ගුඩු වැනි ක්‍රීඩාවකින් ජාත්‍යන්තරයට ගියේ නම් ඔහු ඒවාට අත පෙවීමට තිබුණා …
  • වැදගත්ම දේ බොසාට බොරු කියා මැච් බලන්න නිවාඩු දාන,ක්ලාස් යන යමන් අබාන්ස් එකේ හෝ සිංගර් එකේ ටීවි වලටත් එබි එබී මැච් බලන,ජනේලෙ වැදුනොත් අවුට් ඒත් ජනේලෙ බිදුන් නෑ නෙ අවුට් නෑ කියා බිම් මට්ටමෙන් ක්‍රිකට් ගහන ආදරණීය ක්‍රිකට් පිස්සන් හා ක්‍රිකට් සංස්කෘතියක් නැති වීමයි…

  • උපුටා ගැනීම - ishu Windy

    Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "“ක්‍රිකට් හඳුන්වා නොදුන්නා නම්”- අපුරු ෆේස්බුක් සටහන"

    Post a Comment