25 July, 2017

අභිරහස් ලෙස අතුරුදන් වූ 14 හැවිරිදි දැරියට සිදුවූ දේ පොලිසිය විසින් හෙළිකරගනියි

Girl Kidnapped - rape - abuse - missing

14 හැවිරිදි දැරියක් මාස දෙකක කාලයක සිට අතුරුදන්ව ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්‍ෂණ වලදී තොරතුරු රැසක් හෙළිකරගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ පැමිණිල්ල සිදුකල දින උදෑසන 7.30ට පමණ පාසලට යමින් සිටිය දී රතු පැහැති ත්‍රිරෝද රථයකින් දැරිය පැහැරගෙන ගොස් ඇති බවටයි.

පැහැරගන්නා ලද දැරිය දිවයිනේ ප්‍රදේශ රැසක ජීවත්ව ඇති බවද පොලිසියට තොරතුරු ලැබී ඇති අතර දැරිය පදිංචි වී සිටි නිවසට යාබදව සිටි 39 හැවිරිදි විවාහක පුද්ගලයෙක් ද ප්‍රදේශයෙන් මේ වන විට අතුරුදන්වී තිබෙනවා.

නාඋල පොලිස්ථානාධිපති සුගත් බණ්ඩාර විජේසුන්දරගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි මොරගොල්ල මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අභිරහස් ලෙස අතුරුදන් වූ 14 හැවිරිදි දැරියට සිදුවූ දේ පොලිසිය විසින් හෙළිකරගනියි"

    Post a Comment