10 July, 2017

ඒක අති තුච්ඡ වැඩ වර්ජනයක් - එහෙම කලොත් අපේ සම්බන්ධතාවය එදාට ඉවරයි (Video)

Carlo - Padeniya - Haritha - GMOA - 02

ශ්‍රී ලංකා වෛද සභාවේ හිටපු සභාපති වෛද්‍ය කාලෝ ෆොන්සේකා මහතාගේ කාළය නැවත දීර්ඝ නොකළහොත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කිසිඳු දැනුම් දීමකින් තොරව නැවතත් අකණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව පසුගිය දිනක පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශකර සිටියා.

කෙසේ වෙතත් අද උදෑසන වෛද්‍ය කාලෝ ෆොන්සේකා මහතා සමග එම සංඝමයේ නිළධාරීන් සිදු කළ සාඛච්ජාවකදී කාලෝ ෆොන්සේකා මහතා ඉතා තදින් පවසා ඇත්තේ එලෙස තමන් වෙනුවෙන් වැඩ වර්ජනයක් සිදුකළහොත් එය ඉතාම තුච්ඡ ක්‍රියාවක් බවයි.

එම නිසා එලෙස ක්‍රියා මාර්ගයකට නොයන ලෙසත් යම් හෙයකින් එවැන්නක් සිදු කළහොත් තමන් හා වෛද්‍ය සංගමය අතර ඇති සියළු සබඳතා එතනින් අවසන් කරන බවත් ඒ මහතා පැවසුවා.

එම අවස්තාවට අදාල වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඒක අති තුච්ඡ වැඩ වර්ජනයක් - එහෙම කලොත් අපේ සම්බන්ධතාවය එදාට ඉවරයි (Video)"

    Post a Comment