10 July, 2017

තවත් කෙල්ලෙක් එක්ක රූම් ගිය පෙම්වතා - පෙම්වතියගේ අතටම මාට්ටු වුණු හැටි

boy caught to girl at room

අවුරුදු 4ක් ආදරය කළ තම පෙම්වතා වෙනත් තරුණියක් සමඟ ලැගුම්හලකට ගොස් සිටියදී හසුවී ඇතිවූ ආරවුලක් ගැන කුරුණෑගල පොල්ගහවෙල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

26 හැවිරිදි වියේ පසුවන ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියක් පොල්ගහවෙල ප්‍ර දේශයේ ව්‍යාපාරික තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් පටන් ගෙන තිබෙන්නේ මීට අවුරුදු 4කට පමණ පෙරයි.

ඊයේ උදෑසන තම පෙම්වතාගේ දුරකථනය ක්‍රියා විරහිත වීමත් ටික දිනක සිට ඔහුගේ වෙනසක් දුටු නිසාත් පෙම්වතා ගැන තරුණිය විසින් විමිලිමත්වී තිබෙනවා.

මෙම සම්බන්ධයට දෙමව්පියන්ගේද ආශිර්වාදය ලැබී ඇති අතර තරුණිය පසුව පෙම්වතාගේ නිවසට යෑමට පිටත්වී තිබෙනවා.

එම අවස්ථාවේදී ඔහු තම මෝටර් රථයෙන් තරුණියක්ද සමඟ ගමන්කරන අයුරු පෙම්වතිය විසින් දැක ඇති අතර ඒ පිටුපසින් ලුහුබැද ඇති අතර ඔවුන් නතරවී ඇත්තේ ලැඟුම්හලකිනුයි.

ඔවුන් දෙදෙනා ලැගුම්හලට ගියපසු කාමරයට ගොස් කතාකරනවිටත් ඔවුන් දෙදෙනා අඩනිරුවතින් සිට ඇති බවයි වාර්තා වුණේ.

කෝපයට පත් පෙම්වතිය තරුණයාටත් තරුණියටත් අත තිබූ බෑගයෙන් පහරදී ඇති අතර කෑගසන ශබ්දය ඇසී හෝටල් සේවකයින් හා අසල පිරිසක් පැමිණ ඔවුන් තිදෙනාවම එම ස්ථානයෙන් පිටත් කර යවා තිබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේ සිටි අයෙකු අප සමඟ පැවසුවේ තරුණියගේ පහරදීමෙන් පෙම්වතාට තුවාල සිදුව තිබූ බවයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තවත් කෙල්ලෙක් එක්ක රූම් ගිය පෙම්වතා - පෙම්වතියගේ අතටම මාට්ටු වුණු හැටි"

    Post a Comment