17 July, 2017

ඊපීඑෆ් නිලධාරීන් 20ක්‌ ගැන මහ බැංකුවෙන් පරීක්‍ෂණ

Central Bank - CBSL - 02

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් විසිදෙනකුට පමණ එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

එම පරීක්‍ෂණයේ මූලික පියවරක්‌ ලෙස ලිතව නිදහසට කරුණු දක්‌වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම නිලධාරීන්ට දන්වා ඇත.

මේ අනුව ජුලි 20 වැනිදාට පෙර එම නිදහසට කරුණු දැක්‌වීම් ලබා දිය යුතු බව ද ඔවුන්ට දැනුම් දී ඇති අතර ඇතැමුන් ඒ සඳහා තවත් කල් ඉල්ලා ඇති බව ද මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම නිලධාරීන් අදාළ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවන අවස්‌ථාවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අය වන අතර ඇතැමුන් මේ වන විට මාරුවීම් ලැබ මහ බැංකුවේම වෙනත් දෙපාර්තමේන්තුවල සේවය කරමින් සිටින බව ද දැනගන්නට ඇත.

මෙම නිදහසට කරුණු විමසා ඇති මහ බැංකු නිලධාරීන් අතර ශ්‍රීA ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු සිටින බව ද දැනගන්නට ඇත. ඔහු කලක්‌ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරීවරයා ලෙස ද කටයුතු කර ඇතැයි එම මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

දැනටමත් මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ සමන් කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇති අතර ඔහු ඒ වන විට මහ බැංකුවේ පහසුකම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කරමින් සිට ඇත.

නිදහසට කරුණු විමසා ඇති ඇතැම් නිලධාරීන් සමන් කුමාර සිදුකළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ වී ඇති බවට සැක මතුව ඇති බව ද මහ බැංකු ආරංචි මාර්ග හෙළි කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඊපීඑෆ් නිලධාරීන් 20ක්‌ ගැන මහ බැංකුවෙන් පරීක්‍ෂණ"

    Post a Comment