අමන්දා ටෙලි නාට්‍යය හරහා ඔබේ ආලින්දයට පැමිණි ටිං ටිංව තවමත් ඔබට මතක ඇති. නමින් තුසිත ධනුෂ්ක වන ඔහු නැවතත් පුංචි තිරයේ දකින්න ලැබෙන නිසාම අලුත් තොරතුරු දැන ගන්න අපි ඔහුට කතා කළා.
මොනවද අලුත් තොරතුරු?
මුතුමාලි ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ වගේම ටෙලි නාට්‍යය දෙකකට රංගනයෙන් දායක වුණා. චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වුණා.
ලංකාවට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
මාස තුනක් වෙනවා ලංකාවට ඇවිත්.
හදිසියේම ලංකාවට එන්නේ විශේෂ හේතුවක් නිසාද?
මගේ මාස්ටර් ඒක කරන්න තමයි ලංකාවට එන්නේ. ඒ අතරතුර තමයි රංගනයට සම්බන්ධ වෙන්නෙ.
හදිසියේම විදේශ ගත වෙන්නේ විශේෂ හේතුවක් නිසාද?
මට ස්කොලර්ෂිප් එකක් ලැබුණා. ඒකයි මම විදේශ ගත වෙන්නේ. ගොඩක් අය කීවා ලංකාවෙන් යන්න එපා ඔයාට රංගනයෙන් ඉස්සහරට යන්න පුළුවන් කියලා. ඒත් ලැබුණු අවස්ථාව නිසා තමයි මම ඔස්ට්‍රේලියාවට යන්නේ.
ඔස්ට්‍රේලියාවේ ගත කරපු ඒ වසර කිහිපය දැනුණේ මොන වගේද?
දුකක් දැනුණා. රංගනයෙන් ඈත් වෙලා ගියපු එකට. හැමෝම එපා කියද්දීයි මම ලංකාවෙන් යන්නේ. නමුත් ජීවිතේ කියන්නේ රංගනය නමෛයි කියලා හිතුණා. ටික කාලයයි ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සිංහල කඩවලට ගියාමත් දුක හිතුණා. මම රංගනයෙන් දායක වුණු නිර්මාණ ඒ කඩවල අලෙවි කරන්න තිබුණාම. ඒ රටෙත් මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
ටිං ටිංට තාමත් එදා වගේම ප්‍රතිචාර ලැබෙනවාද?
ඔව්, මට ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ. මොකද වසර හයක් ගත වෙලත් තාම ලංකාවේ මිනිස්සුන්ට මාව මතකයි. ගොඩක් අය මගේ නම දන්නේ නැති වුණාත් මට කතා කරන්නේ තාමත් ටිං ටිං කියලා.
ඉදිරියේදී තුසිත නිතරම පුංචි තිරයේ දකින්න ලැබේවිද?
නිර්මාණවලට නම් ආරාධනා ලැබුණා. මම එකපාරට වැඩ ගොඩක් භාරගෙන කරන්න කැමැති නැහැ. හැමදේටම වඩා මුල් තැන දෙන්නේ අධ්‍යාපන කටයුතුවලට. ඒ නිසා ඉඩ ලැබෙන හැම වෙලාවකම නිර්මාණවලට දායක වෙනවා.
වෘත්තීය වශයෙන් රංගනය තෝරගන්න තුසිතගේ කැමැත්තක් නැද්ද?
මම රංගනය වෘත්තියක් විදිහට කරන්න කැමැත්තක් නැහැ. රංගනය මගේ විනෝදාංශයක් විතරයි. මම රංගනය ගැන වගේම අධ්‍යක්ෂණය ගැනත් හැදෑරුවා. එහෙම හදාරන්නේ රංගනය වෘත්තීය කරගන්න නොවෙයි. මට රංගනය කියන්නේ විශාල මානසික තෘප්තියක් ගෙන දෙන දෙයක්. ඒකයි රංගනය විනෝදාංශයක් කර ගත්තේ. මම කැමැති
මගේම ව්‍යාපාරයක් පටන් ගන්න.
අධ්‍යක්ෂණයට යොමු වෙන්නෙ අදහසක් තියෙනවාද?
ඔව්. මම මගේම නිෂ්පාදන ආයතයනක් පටන් ගන්නවා ටිං ටිං ෆිල්ම් කියලා. මගේම අධ්‍යක්ෂණයක් යටතේ වැඩ කිහිපයක් එන්න තියෙනවා.
ඒ නිසා තුසිත ලංකාවේ පදිංචි වෙනවද?
මගේම ව්‍යාපාරයක් පටන් ගන්න නිසා බොහෝ දුරට ලංකාවේ ඉන්න එකක් නැහැ. මගේ ස්ථිර පදිංචිය ඔස්ට්‍රේලියාවේ. මම ඒ ජීවිතයට කැමැතියි. කවදාවත් ලංකාව නම් අමතක කරන්නෙ නැහැ. පුළුවන් හැම වෙලාවකම ලංකාවට ඇවිත් යන්න එනවා.
තුසිත පෙම්වතෙක් කියන්නේ ඇත්තද?
ඔව්. මමත් පෙම්වතෙක්. ඇයගේ නම පූර්ණි. ඇයත් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල තමයි ජීවත් වෙන්නෙ.
කොහොමද ඇයව මුණ ගැහෙන්නෙ?
ඇය මගේ හොඳ යාළුවෙක්. අපි එකට වැඩ කළා. ඒ අතරේදී තමයි අපි පෙම්වතුන් වුණේ.
දැන්මම විවාහ වෙන්න අදහසක් නැද්ද?
විවාහ වෙන්න ඕන. ඒත් පුද්ගලික ජීවිතේ ස්ථාවර වෙන්න ඕන. එහෙම ස්ථාවර තත්ත්වයකට පත් වුණාම විවාහය සිදුවේවි.

තිළිණි කරුණාරත්න (rivira)

Share this
|
|
0 Comment to "රංගනය මගේ විනෝදාංශයක් විතරයි – තුසිත ධනුෂ්ක"
Post a Comment