07 June, 2017

පොසොන් සමයේ දඩමස් වෙනුවට බලුමස් විකිණීමේ ජාවාරමක්

Dog meat racket

මෙම පොසොන් සමයේ අනුරාධපුරය, පොලොන්නරුව ඇතුළු පූජනීය නගර අශ්‍රිතව හා වන්දනා කරුවන් වැඩි පිරිසක් ගමන් ගන්නා ප්‍රධාන මාර්ග ආශ්‍රිතව දඩමස් නමින් බලු මස් විකිණීමේ මහා පිරිමාණයේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මේ සඳහා ආසන්නතම ප්‍රවෘත්තිය වාර්තා වන්නේ මාදුරුඔය-පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල ප්‍රදේශයෙනි. දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටර් මගීන් අරලගංවිල ප්‍රදේශයට ගෙන ආ දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේයේ කැලිකසල අතර තිබී සුනඛයන්ගේ හිස් 2000කට වැඩි ප්‍රමාණයක් තිබීම මුල් කොට එහි වැසියන් පසුගිය 5දා මාදුරුඔය පොලොන්නරුව ප්‍රධාන මාර්ගය හරස් කොට උද්ඝෝෂණයක නිරත වූහ.

පසුගිය කාලයේ අප්‍රකටව පැවැති දඩමස් නමින් බලු මස් විකිණිමේ මෙම මිලේච්ඡ ජාවාරම මුල් වරට අනාවරණය වනුයේ පසුගිය ඇසළ උත්සව සමයේ කතරගම ප්‍රදේශයෙනි.

සෙල්ල කතරගම වතුරුවාරාම පාරේ තිබී සුනඛයන්ගේ හිස් සහිත පොහොර උරයක් ප්‍රදේශ වාසීන්ට හමු වීමත් කතරගම කොච්චිපොතාන ප්‍රදේශයේ එක්තරා ස්ථානයක අධිශිතකරණයක් තුළ මුවන් ගේ කුර සමඟ තබා ඇති බලු මස් විකිණිමක් පිළිබඳව අනාවරණය වීමත් සමඟම අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුභසාධන සංවිධානය ඒ සම්බන්ධයෙන් ස්ථානීය ගවේෂණයක් කොට ඇත.

එහිදී කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න ස්වාමින් වහන්සේ පවසා ඇත්තේ කතරගම වන්දනාවේ පැමිණෙන සමහර බැතිමතුන් නගරයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සිට වැසිකිලි ශෝධකයන්ගෙන් පවා දඩමස් පිළිබඳ විමසා සිටීම නිසා සමහරුන් බල්ලන් මරා දඩමස්
ලෙස අලෙවි කිරීමට පුරුදුව සිටි බවකි.
මේ අතර මීට මඳ කලකට පෙර බදගිරිය තම්මැන්නාව වැව් රක්ෂිතයේ ස්ථානයක තිබී මුවන්ගේ සහ සුනඛයන්ගේ ශරීර කොටස් එකම ස්ථානයකින් හමුවීම මත මුව මස් සහ බලුමස් කවලම් කර විකිණිමේ ජාවාරමක සුලමුල හම්බන්තොට වනජීවී නිලධාරීන්ට අනාවරණය කරගත හැකි විය.

ඉදිරි පොසොන් සමයේද ශීතකරණ තුල තැන්පත් කළ පොලීතින් පැකට් වල ඇසිරූ දඩමස් සහ ආහාර වශයෙන සකස් කළ දඩමස් ලෙස මෙම බලුමස් ජාවාරම මහා පරිමාණයෙන් සිදුවිය හැකි බව අහිංසා ශ්‍රී ලංකා සංවිධානය අනතුරු අඟවයි.

වන සතුන් දඩයම් කිරීම සේම දඩමස් ළඟ තබා ගැනීම වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනතට බරපතල වරදක් බැවින් මෙලෙස දඩ මස් ලෙස හඟවා බලුමස් අලෙවි කිරීම වෙළෙදුන් සහ ගණුදෙනු කරුවන් අතරේ අප්‍රකටව සිදුවේ. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 400 වගන්තියේ වංචාව ලෙසින් හා එහිම 266 වගන්තිය යටතේ ආහාර පානවල තත්වය යන චෝදනා වලට අයත් බැවින් මෙසේ අලෙවි කරන පුද්ගලයන් අධිකරණය හමුවට පත් කිරීමට පොලීසියට බලය තිබේ.

ඊට අමතරව පාරිභෝගික ආරක්ෂක පනත යටතේ මෙවනි ජාවාරම් කරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනිමේ බලයක් එම අධිකාරියක්ට තිබේ.

එසේම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ටද මෙවන් ජාවාරම් වලට එරෙහිව නීතිමය පියවර ගත හැක.

ඒ අනුව මෙවර වන්දනාවේ යාමේදී දඩමස් ඉල්ලා සිටීමෙන් මුළු මනින් බැහැර වීමෙන් මෙම වංචාවෙන් සහ පිළිකුල් සහගත ආහාර වලින් වැලකී සිටීමට ඔබට අවස්ථාව හිමි වනු ඇතැයි අහිංසා ශ්‍රී ලංකා සංවිධානය දන්වා සිටී.

Dog meat racket-2017-06-07-21-52-10

දමයන්තී ගමගේ (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පොසොන් සමයේ දඩමස් වෙනුවට බලුමස් විකිණීමේ ජාවාරමක්"

    Post a Comment