විවාහක කාන්තාවකගේ ජංගම දුරකථයේ තිබු නිරුවත් ඡායාරූප පෙලක් අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කර බියවද්දා ස්ත්‍රි දූෂයක් සිදු කලැයි කියන සැකකරුවෙකු මීගමුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් තිළකවැලිවිට මහතාගේ උපදෙස් මත ලමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පි ඩි ලක්මාලි මහත්මිය ඇතුළු නිළධාරින් විසින් අද (07) අත්අඩංගුවට ගත්තා.
සැකකරු තුන්මෝදර නාත්තන්ඩිය ලිපිනයේ පදිංචි 34 වියැති විවාහකයෙක්.
මීගමුව සමෘද්ධි පදිංචි විවාහක කාන්තාවක් විසින් ඉකුත් දිනක කරන ලද පැමිනිල්ලකට අනුව අනුව සැකකරු පවත්වගෙන ගිය ජංගම දුරකථන අලුත්වැඩියා කරනු ලබන ආයතනයක් තුළ තිබු පරිඝණක යන්ත්‍රයක්, ජංගම දුරකථනයක්, ලැගුම්හලක පුද්ගල නම් සහ ලිපින සටහන් පොතක් නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගනු ලැබු බව පොලීසිය කියා සිටිනවා.
පැමිනිල්ලේ සදහන් පරිදි සිද්ධිය මෙසේයි.
මීගමුවේ ප්‍රධාන බස්නැවතුම් පළහි පවත්වාගෙන ගිය ජංගම දුරකථන අලුත්වැඩියා කරනු ලබන ආයතනයක් විසින් වටිනා ජංගම දුරකථන ඇපයට තබාගෙන මුදල් ලබා දෙන බව ලද තොරතුරකට අනුව ඉකුත් දිනක එහි ගොස් තිබු පැමිනිලිකාරිය විසින් අදාල ආයතන හිමිකරුට තම වටිනා ජංගම දුරකථනය ඇපයට
තබා රුපියල් දෙදහසක් ලබා ගෙන තිබෙනවා.
පසුව දින කීපයකින් ලබා ගත් මුදල් නැවත ගෙවා ජංගම දුරකථනය බේරාගැනීමට කාන්තාව පැමිනි අවස්ථාවේදි සැකකරු පවසා ඇත්තේ කාන්තාව සහ වෙනත් පුද්ගලයෙකු සමග ලිංගික ඇසුරක් පවත්වන අවස්ථා ඇතුලත් දර්ශණ සහිත ඡයාරූප මෙම ජංගම දුරකථනයේ තිබු බවත් ඒවා තමන්ගේ ජංගම දුරකථනයට සහ පරිඝණකයකට ගබඩා කර ඇති බවත් එම ඡායාරූප අන්තර්ජාලයට නොයවා මකා දැමීමට නම් තමන් සමග කාමරයකට යායුතු බවයි.
එසේ පවසමින් පැය කිපයක් රදවා තබාගනිමින් බිය වද්දා ලිංගික අල්ලසක් ඉල්ලු බව පැමිණිල්ලේ සඳහන්.
තම අනියම් පෙම්වතා සමග එකට සිට ගත් නිරුවත් ඡායාරූප වෙනත් අයෙකු දැක ගන්නවාට බිය වු පැමිනිලිකාරිය සැකකරුගේ අයුතු යෝජනාවට එකගවූයෙන් මීගමුව තලාහේන පිහිටි ලැගුම් හලකදි සැකකරු විසින් තමන් දූෂණයට ලක් කල බවත් සැකකරු විශ්වාස කර මෙම සිද්ධිය මෙලෙසින් අවසන් බව සිතා සිත සැහැල්ලු කරගෙන නිවසට පැමිනි අවස්ථාවේදි තම ජංගම දුරකථනය ක්‍රියාත්මක කර බැලු විට තම අනියම් පෙම්වතා සමග එකට සිට ගත් නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැර තිබෙනු දැකගන්නට හැකිවු බවත් පැමිණිල්ලේ දැක්වෙනවා.
අන්අයකුට අයත් ජංගම දුරකථනයක තිබු ඡායාරූප පෙලක් සන්තකයේ තබා ගෙන කාන්තාවක් බිය වද්දා ස්ත්‍රි දූෂණයක් සිදු කිරීම යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂණ අවසන්වු පසු මිගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

Share this
|
|
0 Comment to "ෆෝන් එක උකස් අරන් තිබුන ෆෝටෝ පෙන්නලා කාන්තාව බිය කර රූම් අරන් ගිහින්"
Post a Comment