08 June, 2017

පොසොන් පුර පළොස්වක පොහොය දිනය අදයි

Poson Poya-02

මිහිඳු මහරහතන් වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම සිදුවූයේ අදවන් පින්වත් දිනයකයි.

මිහින්තල පර්වතයට වැඩම කරන ලද මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් නිරිඳු ඇතුළු හතළිස්දහසක් පිරිසකට චුල්ලහත්ථිපදෝපම
සූත‍්‍රය දේශනා කිරීම සිදුවූයේ ඉන් අනතුරුවයි.

එමෙන්ම ලක්දිව භික්ෂු සාශනය පිහිටුවීම වස් භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම ද උන්වහන්සේ එදිනම සිදුකළ සේක.

නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් ලෙස සිංහල ජාතිය බෞද්ධයන් බවට පත්වීම සිදුවූයේ අදවස් පොසෝන් පොහොය දිනකයි.

මේ කරුණු හේතු කොට ගෙන බෞද්ධයන් හට පොසොන් පුරපසළොස්වක පොහොය දිනය ඉතා සුවිශේෂී දිනයක් වනවා. (ඇත්ත විත්ති)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පොසොන් පුර පළොස්වක පොහොය දිනය අදයි"

    Post a Comment