14 June, 2017

දඹුල්ලේ ගුරු හිමිනමක් සිසු-සිසුවියන් 34කට පොලු 3ක් කැඩෙනකම් ගහලා

School Students Gils Boys

නොනිදන පුරවරයේ ප්‍රධාන පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 34 දෙනකුට 12 වැනි දින ගිනිසීරියා පොලු තුනක් කැඩෙන තුරු පහර දුන් හිමිනමක් සම්බන්ධයෙන්...පරීක්ෂණයක් සිදුකරන ලෙස මවුපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

සිසුවියන් 18ක් සිසුන් 16 දෙනකුගේ දෑත්වල ඉහළ බාහුවට තදින් පහරදීම නිසා එම දරුවන් බොහෝ දෙනකු දඹුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර ඔවුන්ට ඊයේ (13දා) දෑත්වල පොලු පහරවල්වල
සලකුණු හා දැඩි වේදනාව නිසා පාසල් යෑමට නොහැකි තත්ත්වයේ පසුවූ බව මවුපියෝ කියා සිටිති.

මෙම හිමිනම පාසලේ සිංහල හා බුද්ධ ධර්මය විෂය භාර ගුරුවරයකු වන අතර අ.පො.ස.(සා.පෙ.) විභාගයට පෙනී සිටින දරුවන්ට පාසලේ සවස් කාලයේ පැවැත්වෙන අමතර පන්තියට සහභාගි වෙමින් සිටි සිසුන්ගෙන් කෙටි සටහන් පොත් ගෙන නොඒම නිසා මේ දඬුවම දුන් බව සිසුහු කියති. සිසුවියකට පොලු පහර 10 බැගින්ද, සිසුවකුට පොලු පහර 13 බැගින්ද පහරදුන් බවට සිසුහු වැඩිදුරටත් කියා සිටියහ.

තම දරුවන්ට ඉදිරියේදී පාසලෙන් අනර්ථයක් සිදුවේය යන හැඟීමෙන් පොලිසියට පැමිණිලි නොකළ බවද මවුපියෝ පැවැසූහ.

දඹුල්ල - ධම්මික නාමල් කෝරාල (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දඹුල්ලේ ගුරු හිමිනමක් සිසු-සිසුවියන් 34කට පොලු 3ක් කැඩෙනකම් ගහලා"

    Post a Comment