හීන් බබා සීයා වෙන්න සේන ගුණවර්ධන වන ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
නිමල් රත්නායක කියන අධ්‍යක්ෂවරයා තමයි 'මලී' ටෙලිනාට්‍යය සඳහා මුලින්ම මට අවස්ථාවක් ලබාදුන්නේ. ඒ චරිතෙට මම උපරිම සාධාරණයක් ඉටුකළා. එහි ප්‍රතිඵලයක් විදියටයි 'සිඳු' ටෙලිනාට්‍යයට මාව තෝරාගත්තේ.
මේ දවස්වල 'හීින් බබා' සීයාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඒ ගැන කියලා නිමකරන්න බෑ. මාව කවුරුහරි මගතොටේදී දැක්කත් හීන් බබා සීයේ කියලා තමයි කතා කරන්නේ. පොඩි දරුවන්ගෙන් මට ලැබෙන ආදරයත් හිතාගන්න බැහැ. අපේ හීන් බබා සීයා කියලා දුවගෙන ඇවිත් පුංචි දරුවෝ මට කතා කරනකොට ආසාවේ බැහැ. ඒ විතරක් නමෛයි හීන්බබා සීයා නිසා මට විදෙස් ගතවෙන්නත් අවස්ථාවක් ලැබුණා. එතනදි තමයි මම දැක්කේ ලංකාවේ විතරක් නමෛයි එතෙර රටවලත් හීන් බබා සීයා ජනප්‍රියයි කියලා.
හීන් බබා සීයා සැබෑ ජීවිතේ මොනවගේ කෙනෙක්ද?
මම යුද හමුදා සේවා බළකා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්. මේ වෙනකොට බොහොම සරල චාම් දිවි පවෛතක් ගතකරන්නේ.
ඔබ හිතන විදියට 'සිඳු' ටෙලි නාට්‍යයේ ජනප්‍රියතම චරිතය කවුද?
වෙන කවුරුත් නමෛයි, අපේ සෝරත පොඩි හාමුදුරුවෝ.
හීන් බබා සීයා විදියට සිඳු ටෙලි

නාට්‍යයේ රඟපාද්දී සිද්ධවෙච්චි අමතක නොවන විශේෂ සිදුවීමක් එහෙම තියෙනවද?
අපොයි ඔව්, අපේ පොඩි හාමුදුරුවෝ ඒ කියන්නේ සෝරත සාමණේර චරිතය කරන පුංචි දරුවට ටෙලි නාට්‍යයේ රූගතකිරීමකදී මම කිව්වා සරුංගලයක් හදලා දෙන්නම් කියලා. ඒක කිව්වේ ටෙලි නාට්‍යයේ දර්ශනයක විතරයි. ඒත් මේ පුංචි දරුවා හිතලා තියෙන්නේ මම ඇත්තටම සරුංගලයක් හදලා දෙන්නම් කිව්වා කියලා. ඒ නිසා මේ පුංචි දරුවා මාව දකින හැමවෙලාවෙම අහනවා 'කෝ හීන් බබා සීයා කිව්වට මට තාම සරුංගලයක් හදලා දුන්නේ නැහැනේ' කියලා.
චරිත තෝරා ගැනීමේදී ඔබ කිසියම් තෝරා බේරා ගැනීමක් කරනවද?
මම චරිතයක් තෝරා ගන්නකොට ඒකේ චරිතය ලොකුද, පොඩිද කියලා බලන්නේ නැහැ. මට ලැබෙන හැම චරිතයක්ම උපරිම විදියට කරන්නයි මම උත්සාහ කරන්නේ.
හොඳයි අපි ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතාකළොත්?
මගේ පවුලේ ඉන්නේ මමයි, බිරිඳයි, පුතයි. මගේ බිරිඳ සුජාතා නන්දනී. ඇය රාජ්‍ය සේවිකාවක්. පුතා දෙව්මිත් හසිත. පරිගණක ඉංජිනේරුවරයෙක්. මම පදිංචි වෙලා ඉන්නේ මත්තේගොඩට ආසන්න කිරිගම්පමුණුව කියන ප්‍රදේශයේ. අද වෙනකොට සේන ගුණවර්ධන කියන පුද්ගලයව ලෝකෙම හඳුනන තැනකට එන්න මගේ පුතාගෙන් වගේම බිරිඳගෙන් ලැබුණු සහයෝගයත් විශාල පිටිවහලක් වුණා.

සමන්මලී නැලිගම (lakbima)

Share this
|
|
0 Comment to "පන්සලේ ඇබිත්තකමක් ලැබුණු හීන් බබා සීයා යුද හමුදා සෙබළෙක් - පුතා පරිගණක ඉංජිනේරුවරයෙක්"
Post a Comment