19 June, 2017

බණ්ඩාරගම කුඹුරු අක්කර 480ක් පුරන්

Paddy Bandaragama

බණ්ඩාරගම, ගම්මන්පිල වැවේ සිට මැදගම වෙල් යායට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගය වන ගොඩ ඇළ අවහිර වීමෙන් කුඹුරු වගා කළ නොහැකි තත්ත්වයක් ඇතිවී ඇතැයි ගොවි සංවිධාන පෙන්වා දෙති.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඩේවිඩ් අප්පුහාමි මහතා - ගම්මන්පිලයි මැදගමයි ගොවි සංවිධාන දෙකට අයිති කුඹුරු අක්කර හාරසිය අසූවක් විතර පුරන්වෙලා. අවුරුදු හතළිහක විතර ඉඳලම වැවෙන් හරියට වතුර ගන්න බැරිකම තමයි හේතුව. වැවේ බන්ට් එකෙන් එහා පැත්තෙ අපේ කුඹුරු තියෙන්නෙ. වැවේ ඉඳල කුඹුරු යායට එන ගොඩ ඇළ පහළින් අවහිර වෙලා. අපි මේව හදල දෙන්න කියල පුළුවන් තරම් කිව්ව. පස්සෙ අන්තිමේ කුඹුරු අත් හැරල දාල නිකං හිටියි. 

ආණ්ඩුව මැදිහත්වෙලා වප් මඟුලක් තියල යායෙ වැඩ පටන් ගත්තට තාම ඇළ එහෙමමයි. ඒක හදන්නෙ නැතුව මොනව කළත් වැඩක් වෙන්නෙ නෑ. චමින්ද අමරසිංහ මහතා - ගොඩ ඇළ මාර්ගය කුඹුරු යාය අයිනෙන් වැවේ ඉඳල පහළට යන්නෙ. මුල ලියැදි දෙක තුනක් යන කොට ඇළ මාර්ගය කැඩිල වතුර ටික යන්නෙ හරක් යන පාරෙයි. ඇළට සමාන්තරව බැම්මක් බැඳල තියෙනව. බැම්ම එක තැනකින් කැඩිල ගිහිල්ල. වැලි කොට්ට හිර කරල තිබුණත් හරි ගියේ නෑ. නිකං කුඹුරු ටික නාස්ති වෙනවා.

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බණ්ඩාරගම කුඹුරු අක්කර 480ක් පුරන්"

    Post a Comment