19 June, 2017

දීර්ඝම යුග දිවියක් ගෙවූ බ්‍රිතාන්‍ය යුවළ සංවත්සරය සමරති

Ken Harris - Margaret

බ්‍රිතාන්‍යයේ දීර්ඝම යුග දිවියක් ගෙවූ යුවලක් ලෙස විශ්වාස කෙරෙන වයෝවෘද්ධ යුවලක් පසුගියදා සිය 80 වෙනි විවාහ සංවත්සරය සැමරූහ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මෑතදී පළමු වතාවට එකිනෙකාගෙන් ඈත් කෙරුණු 102 හැවිරිදි කෙන් හැරිස් සහ 99 හැවිරිදි මාගරට් සිය විවාහ දිවියේ අට වෙනි දශකය සමරන අවස්ථාවට ඔවුන්ගේ දරු මුණුපුරන් ද එක්ව සිටියහ.

උකුල් ඇටය බිඳීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කෙරුණු අවස්ථාවේ, යළි කිසි දිනෙක සිය බිරිඳ දකින්නට ලැබෙනු ඇතැයි කෙන් හැරිස් විශ්වාස නොකළේය.

එහෙත් වේල්සයේ බ්‍රේකන් බීකන්ස් (Brecon Beacons) පළාතේ ක්‍රික්හොවෙල් (Crickhowell) ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක දී විවාහ සංවත්සරය සැමරීමට ලැබීම ඔවුන් දෙදෙනාගේම ප්‍රමෝදයට හේතු විය.

src="https://i1.wp.com/etthapics.files.wordpress.com/2017/06/ken-harris-margaret-02.jpg?ssl=1&w=450" width="400">
කෙන් සහ මාගරට විවාහ වූ දිනයේ ඡායාරූපයක්

1937 දී විවාපත් වූ කෙන් සහ මාගරට් දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් එකිනෙකාගෙන් ඈත් කෙරිණ.

ඒ ශෝකජනක මතකය තවමත් ඔවුන්ගේ සිත්වලින් මැකී ගොස් නැති බව ඔවුන්ගේ ලේලියවන පැට් හැරිස් පවසයි.

දෙවැනි ලෝක යුද්ධය සමයේ බ්‍රිතාන්‍ය හමුදාව සමග එක්ව සටන් වැදීම සඳහා කෙන් හැරිස් බුරුමයට පිටත් කෙරිණ.

එවක් පටන් ඔහු සිය මංගල ඡායාරූපයක් මුදල් පසුම්බියේ තබාගෙන සිටියි.

මතක ශක්තිය අඩුවීමේ රෝගයෙන් පෙලීම හේතුවෙන් මෑතදී මාගරට් වැඩිහිටි නිවාසයකට ඇතුළත් කරන තුරු එවක් පටන් ඔවුන් දෙදෙනා මොහොතකට හෝ එකිනෙකාගෙන් දුරස් වී නැත.
ඉන් අනතුරුව මීට සති හයකට ඉහතදී ඇද වැටී උකුල් ඇටය බිඳීම හේතුවෙන් කෙන් රෝහල්ගත කෙරිණ. තමන් සිය බිරිඳ දකින අවසාන වතාව එය විය හැකි බව ඒ අවස්ථාවේ ඔහුගේ විශ්වාසය විය.

එහෙත් මාසයක් රෝහල්ගතව සිටීමෙන් අනතුරුව ඔහු සම්පූර්ණ සුවය ලැබීය.

ඉන් අනතුරුව සිය බිරිඳ වෙසෙන වැඩිහිටි නිවාසයේම ඔහු වෙනුවෙන් ද කාමරයක් වෙන් කෙරිණ. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දීර්ඝම යුග දිවියක් ගෙවූ බ්‍රිතාන්‍ය යුවළ සංවත්සරය සමරති"

    Post a Comment