
වත්මන් සිංගපූර් හි නිර්මාතෘවරයා ලෙස බුහුමන් ලබන ලී ක්වාන් යූ(Lee Kuan Yew) පවුලේ දරුවෝ ආරාවුලක පැටලී සිටිති.
ලී ක්වාන් යූගේ වැඩිමහල් පුත් ලී සීන් ලූන් (Lee Hsien Loong) සිය පියාගේ අභාවයෙන් අනතුරුව එරට අගමැති පදවියේ කටයුතු කරයි.
සිය වැඩිමල් සොහොයුරු අගමැතිවරයා විසින් බලය අයුතු ලෙස පාවිච්චි කරනු ලබන බවට ඔහුගේ බාල සහෝදරයා සහ සහෝදරිය චෝදනා කරති.
සිය පියා වූ ලී ක්වාන් යූ (Lee Kuan Yew) ඔහු ජීවත් වූ පැරණි
නිවස කඩා දැමීමේ අපේක්ෂාවක සිටි නමුත් අගමැති ලී සීන් ලූන් (Lee Hsien Loong) පියාගේ අභිමතය නොතකා කටයුතු කරන බව ඔවුහු පෙන්වා දෙති.
තම කීර්තිය පාදක කර ගනිමින් පෞද්ගලික උරුමක්කාරයන් පරපුරක් බිහිවීම වැළැක්වීම සඳහා සිය පැරණි නිවාසය කඩා දමනු ලැබීම ලී ක්වාන් යූගේ අභිලාෂය වූ බව පැවසෙයි.
පියාගේ එම සැලසුම් නොතකා කටයුතු කරන සිය සහෝදර අගමැතිවරයා ආණ්ඩුවේ දේපොළ යොදා ගනිමින් තම කටයුතු නිරීක්ෂණය කරන බවත් ලී සීන් ලූන්ගේ සහෝදරයා සහ සහෝදරිය කියා සිටිති.
පියාගේ එම සැලසුම් නොතකා කටයුතු කරන සිය සහෝදර අගමැතිවරයා ආණ්ඩුවේ දේපොළ යොදා ගනිමින් තම කටයුතු නිරීක්ෂණය කරන බවත් ලී සීන් ලූන්ගේ සහෝදරයා සහ සහෝදරිය කියා සිටිති.
එහෙත් අගමැති ලී සීන් ලූන් (Lee Hsien Loong) ඉහත කී සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. (බීබීසී)
Share this
|
|
0 Comment to "ලී ක්වාන් යූ පවුලේ අවුල්"
Post a Comment