03 June, 2017

කාංචනාගෙන් Online පිම්ම

Kanchana Priyakantha - kbooks.lk

කාංචනා ප්‍රියකාන්ත නව පරපුරේ ලේඛිකාවක්. ඒ වගේම ඇය ප්‍රකාශිකාවක් ලෙස කටයුතු කරනවා. පොත් අලවිකරණයේ අලුත් ඉමක් සටහන් කරන ඇය kbooks.lk හරහා අන්තර්ජාලයෙන් පොත් අලෙවි කරනවා.

පොත් ලියන කාංචනා මේ කරන අලුත් වැඩේ මොකද්ද?

පොත් එක්ක වැඩ කරන්න මට ළමා කාලයේ ඉඳලම තිබුණේ ලොකු ආසාවක්. ඒ ආසාව විවිධ ආකාරවලට දිශාන්ත වෙලා. ලේඛනය, ප්‍රකාශනය වගේ විවිධ පැති ඒ ආශාව නියෝජනය කරනවා. අලුත්ම පැතිකඩ තමයි kbooks.lk මේ හරහා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම තැනක ඉන්න පාඨකයන්ට ඉතාමත් පහසුවෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ලියවුණු පොත් ලබා ගන්න පුළුවන්. නමුත් kbooks.lk කියන්නේ කාංචනා ප්‍රියකාන්ත පමණක් නෙවෙයි කියලත් කියන්න ඕනේ. මේ අලුත් වැඩේ සාර්ථක කරගන්න ඒ පිටුපස ඉඳන් සහයෝගය දෙන කණ්ඩායමක් ඉන්නවා.

අන්තර්ජාලය හරහා පොත් විකුණන්න පුළුවන්ද?

ඒක අභියෝගයක්. නමුත් මේ වනවිටත් ඒ අභියෝගය kbooks.lk සාර්ථකව ජය ගනිමින් ඉන්නවා. අන්තර්ජාල පහසුකම් තිබෙන බොහෝ දෙනා අතර අන්තර්ජාලය හරහා කෙරෙන මිලදී ගැනීම් ජනප්‍රියයි. එවැනි දේට හුරු වුණු කෙනෙක් දන්නවා එහි ඇති පහසුව. අන්තර්ජාලය හරහා වර්තමානයේදී විකුණන්න බැරි දෙයක් තියෙනවද? ඉතින් බොහෝ දෙවල්වලට සාපේක්ෂව අඩු මිලෙන් යුතු නමුත් මිල කළ නොහැකි ආකාරයේ ගුණාත්මක වටිනාකමකින් යුතු පොත් මිලදී ගැනීම අන්තර්ජාලය හරහා ජනප්‍රිය නොවන්න හේතුවක් නැහැ.

අපේ රටේ කියවන සමාජය මේ අලුත් වැඩේ භාර ගනීවිද?

අනිවාර්යයෙන්ම ඔව්. මොකද kbooks.lk නිර්මාණය වන්නේ ලංකාව තුළ පමණක් නොවේ ලෝකේ පුරාම විසිරිලා ඉන්න ලාංකික පාඨක සමාජය වෙනුවෙන්. මේ වනවිටත් අපේ රටේ කියවන සමාජයෙන් ඬඡධධඬඵ.තඬ වලට තියෙන්නේ සුබවාදී ප්‍රතිචාර. මොකද kbooks.lk කියන්නේ සේවාවක් සපයන වෙබ් අඩවියක්. ලංකාවේ පාඨකයකුට කොළඹ හැරුණු කොට වෙනත් ප්‍රදේශයන්වලින් අවශ්‍ය ඕනෑම පොතක් පහසුවෙන් ලබා ගැනීමට ක්‍රමවේදයක් නැහැ කියන එක රහසක් නොවේ. නමුත් ඒ පහසුකම නැති නිසාම පාඨකයෙක්ට පොත් කියවීමෙන් අෑත් වෙන්න සිදු වෙනවා නම් එය ඔහුට සිදුවන අසාධාරණයක්. ඒ වගේම නගරබදව හෝ කොළඹ ආසන්නයේ සිටියත් අධික කාර්යබහුලත්වය නිසාම මිනිස් පැයක වටිනාකම ඉහළ ගියාම ඔවුන්ට තමන්ගේ කාලය පොත් සාප්පුවක් වෙත යන්න වැය කරන්න අපහසු වෙනවා.
එතැනදී ඒ හේතුව නිසා ඔවුන්ට අකැමැත්තෙන් වුවත් පොත් කියවීමෙන් අෑත් වෙන්න වෙන වෙලාවල් තියෙනවා. kbooks.lk ම් හැම ගැටලුවකටම හොඳම විසඳුම ලබාදෙනවා. ඬඡධධඬඵ.තඬ වලින් ඉතා අඩු කාලයක් ඇතුළත තමන්ට අවශ්‍ය ඕනෑම පොතක් පහසුවෙන් සොයා ගන්න පුළුවන්. පාඨක සමාජයේ බොහෝ දෙනා දැනටමත් ඬඡධධඬඵ.තඬ භාරගෙන තිබෙනවා.

ඇනවුම් කරන ඕනම පොතක් ඔබ ගාව තියෙනවාද?

ඔව්. දැනට මුද්‍රණයේ නැති පොත් හැරුණු කොට අනිත් ඕනෑම පොතක් kbooks.lk පාඨකයාගේ අතටම ලබා දෙනවා. හොයාගන්න ඉතා අපහසු පොත් පවා අපේ පාඨකයන්ට අප විසින් ලබාදී තිබෙනවා. ඒ වගේම ලංකාවේ සොයාගන්න නැති ඉංග්‍රීසි බසින් ලියැවුණු පොත් අපි ඉතා පහසු මිලට අපේ පාඨකයන්ට ගෙන්වා දී තිබෙනවා.

මේ හරහා කෙනෙක්ට පොත ගෙන්වා ගන්න පුළුවන් කොහොමද?

www.kbooks.lk යන වෙබ් අඩවියට පැමිණ ඒ හරහා තමන් කැමැති ඕනෑම පොතක් ඇණවුම් කිරීමේ හැකියාව තිබෙනවා. එසේත් නැත්නම් අපගේ ඩ්ධබ තඪදඥ එකට කෝල් කර හෝ කෙටි පණිවුඩයක් එවා තමන්ට අවශ්‍ය පොත් ගෙන්වා ගන්න පුළුවන්. අපගේ facebook Page එක වගේම group එක හරහාත් පොත් සම්බන්ධව විමසීම් කරන්න පුළුවන්. පොත් ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව පවතිනවා. එසේත් නැත්නම් තමන්ට පහසු ආකාරයට මුදල් ගෙවීමේ ක්‍රම වේදයක් තිබෙනවා.

පොත් ලියන අයට මේකෙන් ලැබෙන සහාය කුමක්ද?

ලේඛිකාවක් සහ ප්‍රකාශිකාවක් විදියට පොත් සාප්පු සම්බන්ධව ඉතාමත් කටුක සහ අමිහිරි අත්දැකීම් රාශියක් මට තිබෙනවා. kbooks.lk පටන් ගන්න තව හේතුවක් ඒක. සමහර වෙලාවලට ලේඛකයා හෝ ලේඛිකාව එතරම් ජනප්‍රිය නැති නම් සමහර පොත් සාප්පු ඒ පොත් විකිණීමට භාර ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථා තිබෙනවා. ඔවුන්ට එහෙම කරන්න ඔවුන්ගේ පැතිවලින් සාධාරණ හේතු තියෙන්න පුළුවන්. මං කැමැති ප්‍රතික්ෂේපවීම්වලදී අනිකාට ඇඟිලි දිකු කරමින් මැසවිලි නඟන්න නොවෙයි ඒවලට ගැළපෙන විසඳුම් හොයන්න. kbooks.lk වල අලුත් පරණ භේදයක් නැතිව ඕනෑම ලේඛකයකුගේ සහ ප්‍රකාශකයකුගේ පොත්වල ඉඩ තියෙනවා. අපිට හැම ලේඛකයෙක්ම ප්‍රකාශකයෙක්ම එක වගේ වටිනවා. මොකද හැම පොතක්ම වැඩකට තියෙන පොතක්. (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කාංචනාගෙන් Online පිම්ම "

    Post a Comment