
ශූරයින්ගේ කුසලාන තරඟාවලියේදී ඉන්දියාව පරදමින් සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවට පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
එ අනුව පිටියට පිවිසි රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ලට ලකුණු 138ක් එක් කළා.
ශූරයින්ගේ කුසලාන තරඟාවලියකදී ලබාගත් තෙවැනි ශතකය ලබාගැනීමට ධවාන් එහිදී සමත් වූ අතර පන්දු 128කින් ලකුණු 125ක් ලබාගැනීමට ඔහු සමත්වුණා.
සුපිරි පිතිකරු විරාත් කෝලි කිසිදු ලකුණක් නොලබා දැවී යාමද මෙහිදී සුවිශේෂී සිදුවීමක් වුණා.
ලකුණු 322 ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 48.4කදී නියමිත ඉලක්කය පසුකළා.
එහිදී සුපිරි ඉනිමික් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 93කදී ලකුණු 89ක් රැස් කිරීමට සමත් වුණා.
ඊට අනගි සහයක් ලබාදුන් ධනුෂ්ක
ගුණතිලක ලකුණු 76ක්ද,නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක්ද ලබාගැනීමට සමත් වුණා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.
කුසල් මෙන්ඩිස්ගේ හා ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම් පහතින් නරඹන්න.
තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.
කුසල් මෙන්ඩිස්ගේ හා ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම් පහතින් නරඹන්න.
Share this
|
|
0 Comment to "ඉන්දියාව අන්ත අසරණ කළ ඊයේ තරඟයේ විශේෂ අවස්ථා මෙන්න (Video)"
Post a Comment