28 June, 2017

‘මිතුරියකගේ පෙම්වතා අතින් ගැබ් ගත් 7 ශ්‍රේණියේ සිසුවියක්‘ අවිස්සාවේල්ල රෝහලේදී දරුවෙකු බිහිකරයි

Rape-School Girl

13 හැවිරිදි පාසල් සිසුවියක් අවිස්සාවේල්ල රෝහල තුලදී දරුවෙකු බිහිකර තිබෙන බව වාර්තාවනවා.

මීට මාස කිහිපයකට පමණ පෙර මිතුරු තරුණියකගේ පෙම්වතා බවට පැවසූ තරුණයෙකු විසින් 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියට අතවර කර ඇති බවටයි අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස
බිහිකර ඇති දරුවා මියගොස් තිබෙන බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

සැකකාර තරුණයා විසින් මෙම පාසල් සිසුවියට වරින් වර සිදුකළ අතවර කිරීම් සිදුකොට ඇති බවත්, පසුව ඇය දැරණියගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ඒ පිලිබඳව පැමිණිලි කර ඇති බවත්, පසුව අත්අඩංගුවට ගනු ලැබූ තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් වාර්තාවනවා.

ඒ අතරතුරදී පාසල් සිසුවිය දරු ප්‍රසූතිය සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මෙලෙස බිලිඳා මියගොස් තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "‘මිතුරියකගේ පෙම්වතා අතින් ගැබ් ගත් 7 ශ්‍රේණියේ සිසුවියක්‘ අවිස්සාවේල්ල රෝහලේදී දරුවෙකු බිහිකරයි"

    Post a Comment