05 June, 2017

දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට

Rape-School Girl-02

සිය වැඩිමහල් බාලවයස්කාර දියණියට කඩුවක් පෙන්වා බිය ගන්වා අවස්ථා කිහිපයකදී ලිංගික අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් තිදරු පියකු මේ මස 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තගේම වැඩබලන මහේස්ත්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එප්පාවල අධිරාණිගම පදිංචි උපුල් දර්ශන (41) නම් ව්‍යාපාරිකයකි.

සැකකරුට අයත් වෙලදසැලේ බිරිද ව්‍යාපාරික කටයුතු වල නිතරව සිටින අවස්ථාවේදී , නිවසේ සිටින වයස අවුරුදු 16 ½ ක් වන සිය වැඩිමහල් දියණියට ලිංගික අතවර සිදු කරන සැකකරු, ඒ පිළිබදව කිසිවකුට හෝ පැවසුවහොත් මරා දමන බවට කඩුවක් පෙන්වා බිය ගන්වා ඇතැයිද, ඒ අයුරින් අවස්ථා කිහිපයකදීම දියණිය අපහරණය කර ඇතැයිද, ඒ පිළිබදව දියණිය විසින් මවට පැවසීමෙන් අනතුරුව මව පොලීසියට පැමිණිලි කළ බවත්, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලීසිය මහේස්ත්‍රාත්වරියට කරුණු දක්වමින් පැවසීය.

සැකකාර පියා කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කරන බවත්, තලාව ප්‍රදේශයේ ක්‍රොන්තාත්තුවක් සිදු කරමින් සිටියදී ඊයේ (03) පස්වරුවේ සැකකරු අත්අංඩංගුවට ගත් බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.

සැකකාර පියා විසින් විසින් දියණිය දූෂණයට ලක්කර ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සදහා සැකකරු හා දියණිය වෛද්‍ය පරික්ෂණයකට යොමු කළ බවද පොලීසිය අධිකරණයට දැන්වී්ය.

කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරය වෛද්‍යය පරීක්ෂණ වාර්ථා හා අපහරණයට ලක් වූ බව කියන දියණිය හා සැකකාර පියා මේ මස 14 වැනි දින නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්, සැකකාර පියා මේ මස 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, අපහරණයට ලක් වූ බව කියන දියණිය මව භාරයට පත් කරන ලෙසත් නියෝග කරනු ලැබීය.

එප්පාවල පොලිස් ස්ථානාධිපති රෝහණ අධිකාරී මහතාගේ උපදෙස් මත, එප්පාවල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී කාන්තා පොලිස් පරීක්ෂක චාන්දනී මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර, පො.සැ 35591 දිසානායක අධිකරණයට කරුණු වාර්ථා කරනු ලැබීය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට"

    Post a Comment