ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 මාර්තු මාසය
ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 මාර්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.
රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -
ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 මාර්තු මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව අඩුවී තිබෙන බවයි.
තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී වර්ධනය වී තිබුණි. මෙම අපේක්ෂාව 2016 දෙසැම්බර් මාසයේ සිට අඛණ්ඩවම පසුගිය පෙබරවාරි මාසය දක්වා ඉහළ ගැන තිබුණු පසුබිමක මාර්තු මාසයේදී පහළ වැටීම කැපී පෙනෙන තත්ත්වයකි.
මෙම අපේක්ෂාව පසුගිය නොවැම්බර් මාසයේදී 12% ක මට්ටමක් දක්වා ඉහළ ගිය අතර 2016 දෙසැම්බර් මාසය වනවිටද එය විශාල වෙනසකට බඳුන් නොවී ඒ ආකාරයෙන්ම තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය.
පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය 8.2% ක් දක්වා වර්ධනය වී තිබුණු අතර එය පසුගිය මාර්තු මාසය වනවිට 8.6% ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබේ. මේ අතර, 2017 පෙබරවාරි මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය පුළුල්වීම, සංචාරක ඉපැයීම් පහළ යාම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල මධ්‍යස්ථ වර්ධනය යන කරුණු හේතුවෙන් විදේශීය අංශය පැවතුණේ මන්දගාමී ස්වභාවයකයි. බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ධාවන පථය අළුත්වැඩියා කිරීම සඳහා ගුවන් තොටුපොළ දිවා කාලයේ වසා තැබීමද සංචාරක ඉපැයීම් පහළ යාමට හේතුවක් වන්නට පුළුවන.
මේ අතර, 2017 පෙබරවාරි මාසයේදී අපනයන ආදායමද ඇමරිකානු ඩොලර් මිලියන 868 ක් දක්වා 2016 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2.7% කින් පහළ ගොස් තිබේ. මේ අතර, පසුගිය මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබුණේ මෙරට උද්ධමනය සහ ණය වර්ධනය පහළ නොයන්නේ නම් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට උනන්දු කරන බවයි. මේ හමුවේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මාර්තු මාසයේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කිරීමට කටයුතු කළ අතර වසරේ මුල් මාස තුන තුළදී කොළඹ කොටස් වෙළඳ පොළේද පසුබෑමක් දකින්නට ලැබුණි.
ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු
කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2014 දෙසැම්බර් මාසය වනවිට 15% ක පමණ මට්ටමක තිබී 2015 ජනවාරි වනවිට 40% ක් තරම් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. ඒ සඳහා හේතුවූයේ නව රජය බලයට පත්වන අවස්ථාවේදී ජනතාව තුළ වර්ධනය වූ ඉහළ බලාපොරොත්තුවයි. මේ පිළිබඳව පහත ප්‍රස්ථාරය මගින් තවදුරටත් කරුණු අවබෝධ කර ගත හැකිය.

2017 මාර්තු මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම ඇතුළු ජනතාවගේ අනිකුත් ආර්ථික අපේක්ෂාවන් පහළ යාම කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.
ඉතිරි කිරීමට තිබෙන හැකියාව
ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාව 2017 මාර්තු මාසයේදී තව දුරටත් පහළ බැස තිබේ. මෙම අපේක්ෂාව පසුගිය පෙබරවාරි මාසයේදීද පහළ ගොස් තිබුණි.
2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙය 2017 ජනවාරි මාසයේදීද පහළ ගිය අතර උද්ධමනය අඛණ්ඩව වර්ධනය වීම මෙයට හේතුවී ඇතැයි සිතිය හැකිය. (02 වන ප්‍රස්ථාරය බලන්න)

දූෂණය අඩුවන බලාපොරොත්තු
වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.
2016 දෙසැම්බර් සමීක්ෂණය මගින්ද පෙනුණේ මෙම බලාපොරොත්තුව පහළ ගොස් තිබෙන ආකාරයයි. නමුත්, 2017 ජනවාරි මාසයේදී දූෂණය අඩුවේ යැයි ජනතාව තුළ තිබෙන අපේක්ෂාව යළිත් කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ජනවාරි මාසයේදී පත් කළේය.
මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු 2017 පෙබරවාරි මාසයේදීද ඉහළ ගියද පසුගිය මාර්තු මාසයේදී එම බලාපොරොත්තු නැවතත් පහළ ගොස් තිබීම කැපී පෙනේ.

ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.

Share this
|
|
0 Comment to "ඉහළ නගින උද්ධමනය ඇතුළු සෘණාත්මක සාධක ආර්ථික බලාපොරොත්තු පහළ දමයි"
Post a Comment