03 June, 2017

“අන්තිම තරඟ දිනුව කියල ලංකාව ලේසියට ගන්න බෑ..’ JP ඩුමිනි

JP Duminy

චැම්පියන්ස් කුසලාන තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයට අද (03) දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟින් ඕවල් ක්‍රීඩාංගනයෙදී මුහුණ දීමට නියමිතය.

දකුණු අප්‍රිකා කණ්ඩායම් සමඟ අවසන් වරට සහභාගී වූ එක්දින තරඟාවලිය 5-0 ලෙසින් ජයගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාස කල නොහැකි කණ්ඩායමක් බව දකුණු අප්‍රිකා ක්‍රීඩක jp ඩුමිනි පවසයි.

“අපි ලංකාව එක්ක මාස දෙකකට කලින් හොඳ තරඟාවලියක් අවසන් කළා තමයි,හැබැයි දැන් ඒවා අතීතයට අයිති දේවල.දැන් කණ්ඩායම් දෙකම මේ තරඟාවලියට ඇවිත් තියෙන්නේ අලුත් මුහුණු වරකින්.මේ තරඟාවලියේ හැම තරඟයක්ම ගොඩක් තීරණාත්මක තරග ,පැරදුනොත් ගොඩ ඒමක් නෑ.ඒ නිසා දවසේ හොදට සෙල්ලම් කරන අයට දිනන්න පුළුවන්”

“තරඟාවලියට කලින් දින දහය අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුනා,එංගලන්තය එක්ක තරඟාවලිය පැරදුනත් අපේ මොනවද අඩු පාඩු කියල එතැනදී අපි හදුනා ගත්තා.”

කෙසේ වෙතත් තරඟාවලිය ජයගැනීමේ වැඩිම සමභාවිතාවක් ඇති කණ්ඩායමක් ලෙස විචාරකයන් හදුන්වන දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රදාන තරඟාවලි වලදී දක්වන පසුබෑම දකුණු අප්‍රිකාවට මානසිකව අහිතකර බලපෑමක් සිදු කල හැකි අතර තරඟාවලිය ජයග්‍රහණය කරන බවට විචාරකයන් අපේක්ෂා නොකරන ප්‍රදාන තරඟාවලි වලදී පෙරලි කිරීමට සැමදා නම් දරා සිටින ශ්‍රී ලංකාව අතර තරඟය සැබවින්ම තියුණු තරඟයක් වීමේ වැඩි ඉඩකඩක් පවතී. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“අන්තිම තරඟ දිනුව කියල ලංකාව ලේසියට ගන්න බෑ..’ JP ඩුමිනි"

    Post a Comment