05 June, 2017

වසර 5ක් තිස්සේ මිතුරෙක් සමඟ එක්ව පියා සිය දියණිය බරපතල ලෙස දූෂණය කරලා

gang rape - two

අවුරුදු 11 ක් වයසැති පාසල් දැරියක් වසර 5 ක් තිස්සේ අපයෝජනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දැරියගේ පියා සහ ඔහුගේ මිතුරෙකු විසින් ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවටයි දැරියගේ මව විසින් ඉකුත් 30 වැනිදා ගල්ගමුව පොලිස්ථානයට පැමිණිල්ලක් කර ඇත්තේ.

මෙලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ගල්ගමුව කුඩාකත්නෝරුව ප්‍රදේශයේ පාසල් දැරියක්.

ඇය වයස අවුරුදු 7 සිට මේ දක්වාම ඇගේ පියා හා තවත් පුද්ගලයෙකු විසින් අවස්ථා ගණනාවකදී දූෂණයට ලක් කර ඇති අතර දැරියගේ මව නිවසේ නොමැති අවස්ථාවලදී පියා හා මිතුරා විසින් දැරියට බරපතල ලෙස අතවර කර ඇති බවටයි මව පැමිණිලි කර ඇත්තේ.

අදාල දැරියගේ මව එක් අවස්ථාවකදී විදේශ ගතව සිට ඇති අතර ඒ කාල වකවානුව තුළදී පියා විසින් මුලින්ම දැරිය අතවරයට කර ඇති අතර එතැන් පටන් මේ දක්වාම නොයෙක් අවස්ථාවලදී පියා විසින් දැරිය අතවරයට ලක් කොට ඇතැයි අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් මීට වසර දෙකකට පෙර දැරියගේ මව ආපසු පැමිණ ඇති අතර ඇය නිවසේ නොමැති අවස්ථාවලදී දැරියගේ පියා හා මිතුරා විසින් දැරිය අතවරයට ලක් කොට ඇති බවයි පොලීසිය සදහන් කළේ.

දැරිය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ පියා හා මිතුරා අධික ලෙස මත්වතුර පානයට ඇබ්බැහි වූ පුද්ගලයින් බවත්, මත්වතුර පානය කර පැමිණි අවස්ථාවලදී තමා දූෂණය කළ බවයි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් දැරිය පාසලේ ගුරුවරියකට පැවසීමෙන් අනතුරුව ඇය හරහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය දැනුවත් කිරීමෙන් පසු ග්‍රාමනිලධාරීවරයා දැරියගේ මවට මේ පිළිබද පවසා තිබේ.

ඒ අනුවයි පසුගිය ඉකුත් 30 වැනිදා ගල්ගමුව පොලිස්ථානයට පැමිණි දැරිය හා ඇයගේ මව අදාල සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් කර ඇත්තේ.

ඒ අනුව අදාල සිදුවීමට සම්බන්ධයැයි සැකකරන පියාගේ මිතුරා එදිනම අත්අඩංගුවට ගෙන ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු කදුරුවැව ප්‍රදේශයේ පදිංචි පැට්ටා නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක්. මෙම සිද්ධියට අදාලව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු දැරියගේ පියා අත්අඩංගුවට ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ගල්ගමුව පොලීසිය වැඩිදුරටත් සදහන් කර සිටියේය.

අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මේවන විට ඇතුලත් කර තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වසර 5ක් තිස්සේ මිතුරෙක් සමඟ එක්ව පියා සිය දියණිය බරපතල ලෙස දූෂණය කරලා"

    Post a Comment