16 May, 2017

ඇමරිකානු පොලිසිය 15 හැවිරිදි තරුණයකුට මාංචු දමා හිසට වෙඩි තියලා (Video)

US police shot and kill 15 years old boy

මෝටර් රියක්‌ සොරාගෙන පලායමින් සිටි බව කියන 15 හැවිරිදි තරුණයකුව ඇමරිකානු පොලිසිය වෙඩි තබා මරා දැමීම ගැන ජනතාවගේ විරෝධය මතු වී ඇත.

ඡේසන් නිග්රොන් නැමැති මෙම තරුණයා ඝාතනය වන අවස්‌ථාවේ ඔහුගේ දෑත්වලට මාංචු දමා තිබූ බවද වාර්තාවේ.

මියගිය තරුණයාගේ ඥාතීන් පවසන්නේ පොලිසිය ඔහුට මාංචු දමා හිසට වෙඩි තබා ඇති බවයි. මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ඡේම්ස්‌ ඩබ්ලි නැමැති පොලිස්‌ නිලධාරියා බව හෙළි
වී ඇත.

තරුණයාට වෙඩි තබා ඔහුගේ සිරුර මහමග දමා යැමට පොලිසිය ක්‍රියා කර තිබේ.



(divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඇමරිකානු පොලිසිය 15 හැවිරිදි තරුණයකුට මාංචු දමා හිසට වෙඩි තියලා (Video)"

    Post a Comment