16 May, 2017

සැමියා හමුදා සේවයේ - බිරිඳට 28යි - රෑට නිදාගන්න ගිය ගෙදර 16යේ කොල්ලට අතවර

boy abused by women rape

බාල වයස්කාර පාසල් සිසුවකුට අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අතවරක් සිදුකළ බවට චෝදනා ලැබූ යුද හමුදා සෙබළ බිරියකට චෝදනා තුනකට වසර හත බැගින් වූ බරපතළ වැඩ සහිත සිර දඩුවමක් අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කළා.

විත්තිකාරියට නියම කළ සිරදඩුවමට අමතරව එක් එක් චෝදනාවන්ට රුපියල් 500 බැගින් දඩ නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින් වූ ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කළා.

විත්තිකාරියට දරුවකු ලැබීමට සිටින බැවින් චෝදනා තුනට වෙන් වෙන්ව නියම කළ වසර තුනක සිර දඩුවම එකවර ගෙවී යන අයුරින් ක්‍රියාත්මක කරන බව විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙසේ සිර දඩුවම් නියම වූයේ වයස අවුරුදු 28ක් වූ ප්‍රියංගිකා සමන් කුමාරී නමැති විවාහක තරුණ කාන්තාවටයි. විත්තිකාරිය විසින් 2011 මැයි මස 20 වැනිදා සිට 2012 මැයි මස 18 වැනිදා දක්වා කාලය අතරතුරදී මහවිලච්චිය පොලිස් වසමේ පදිංචිව සිටින වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් දරුවකුට බරපතල ලිංගික අතවරයක් සිදුකර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) 2 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි බරපතළ වරදක් සිදුකර තිබෙන බවට නීතිපතිවරය විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.

දඩුවම් නියම වූ කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සේවයේ නිරත වීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත් විත්තිකාරිය රාත්‍රී කාලයේ නිදා ගැනීමට වින්දිත දරුවාගේ නිවසට ගොස් ඇති බවත් සමහර අවස්ථාවලදී කාන්තාව විසින් වින්දිත බාලවයස්කාර දරුවාව නිවසට කැදවාගෙන පැමිණ දරුවාට බරපතළ ලිංගික අතවරයන් සිදුකර තිබෙන බව අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී කියවුණා. විත්තිකාරිය පොලීසියට හා අධිකරණයට සාක්ෂි දෙමින් පවසා තිබුණේ බාල වයස්කරු විසින් විටින් විට තමන්ට ලිංගික හිරිහැරයන් සිදුකළ බවයි.

එහෙත් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් නගා තිබූ චෝදනාවන් සාධාරණ සැකයෙක් ඔබ්බට ඔප්පුකිරීම සදහා පැමිණිල්ල සමත්වීම හේතුවෙන් විත්තිකාර කාන්තාව චෝදනා තුනටම වරදකරු බව නිගමනය කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පවසමින් ඇයට දඩුවම් නියම කළා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැමියා හමුදා සේවයේ - බිරිඳට 28යි - රෑට නිදාගන්න ගිය ගෙදර 16යේ කොල්ලට අතවර"

    Post a Comment