16 May, 2017

'මාව නොමර මැරුවා'

Shihan Mihiranga

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංගට එල්ල වූ මඩ ප්‍රචාර සහ ඇති වූ රෝගී තත්ත්වය සම්බධයෙන් ඔහු සිය අදහස් පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට ලබා දී ඇත.

වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මේ දිනවල විවේකී සුවයෙන් පසුවන ශිහාන් නැවතත් වැඩ පටන් ගන්න සූදානමින් සිටිනවා කියලා තමයි ආරංචි.

බෙහෙත් ගන්න ගියාම කැමැත්තෙන් හිටියේ ගෙදර යන්න වුණත් තමාට වැළඳිලා තියෙන්නේ ඩෙංගු බව දැනගත් පසු අකමැත්තෙන් හෝ රෝහල් ගතවීමට ශිහාන්ට සිදු වී තිබේ. ඔහු සිය ජීවිතයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය බවත් එහි දින 11ක් පමණ ගත කරන්ට වූ බවත් ශිහාන් සඳහන් කරයි.

මේ අතර ඇතැම් සමජ ජාල වෙබ් අඩවි තුළ තමන් පිළිබඳ පළ කළ ඇතැම් වාර්තා පිළිබදව ද ශිහාන් සිය අදහස් පළ කර තිබුණා.

සිදු වූ සියලූු දේවල් පිළිබඳව තමන් දැනගත්තේ සුව වී ගෙදර ආ පසු බවත් ඒ සියල්ලටම පිළිතරු ලබා දුන්නේ තම බිරිඳවන අතර තමන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියල්ලන්ටම ශිහාන් තම ස්තුතිය පල කර තිබිණ.

එමෙන්ම තමන් මිය ගිය බවට පුවත් වාර්තා කළ පිරිස් පිළිබඳව ශිහින් ඉතාමත් කණගාටුවෙන් සිය අදහස් පළ කර සිට ඇති අතර

අද කාලේ සමාජ මාධ්‍ය කියන්නේ මුදල් උපයන මාර්ගයක් හෙයින් ඒ හරහා අම්මා තාත්තා වුවද විකුණා මුදල් උපයන තත්වයට සමාජය පත් වී ඇති බව ශිහාන් පවසා ඇත.

තමන් පිළිබඳ කළ මෙම ප්‍රකාශයන්ද මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් සිදු කළ ක්‍රියාවක් බව ඔහු පෙන්වා දේ. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'මාව නොමර මැරුවා'"

    Post a Comment